මංගල සමරවීර මහතා නව රජයේ විදේශ අමාත්‍ය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්දියාවේ නිල සංචාරයක නිරතව සිටියි.
කිසිඳු ශ්‍රී ලාංකීකයෙක් විදේශ රටක සරණගාතයෙක් ලෙස ජීවත් වීමට අවශ්‍යතායක් නොමැති බවත් ශ්‍රී ලංකාවේ සෑම ජන කොට්ඨාසයකගේ ම ඡන්දයෙන් බලයට පත් වූ නව රජයක් රටේ ස්ථාපිත කර ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා පවසන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. එම නිසා සියලු ම විදෙස් ගත වූ ශ්‍රී ලංකීය පුරවැසියෙකුටම සිය රටට නැවත පැමිණෙන මෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා විසින් විවෘත ආරාධනයක් සිදු කර ඇති බව ද තවදුරටත් ඉන්දීය මාධ්‍ය පවසයි.
නව ධුරයේ වැඩ අරඹා දින 5ක් ගතවීමෙන් අනතුරුව සමරවීර අමාත්‍යවරයා විසින් සිය පළමු විදේශ ගමනාන්තය ලෙස ඉන්දියාව තෝරා ගැනීමෙන් ශ්‍රී ලංකා පාලන තන්ත්‍රය, නව දිල්ලිය සමඟ සිය සබඳතා වර්ධනය කර ගැනීමට අපේක්ෂා කරන බවට සන් කරයි.
නව රජය දෙමළ සුළු ජාතිය දෙසට සමඟිසන්ධානයෙන් යුතුව ළඟා වෙමින් සිටින බව පෙන්නුම් කෙරේ. නව රජයේ පළමු තීරණය වන උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙසට හිටපු රජයෙන් පත්වීමක් ලැබූ විශ්‍රාමලත් හමුදා නිලධාරියා වෙනුවට හිටපු රාජ්‍යතාන්ත්‍රිකයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර තනතුරට පත් කිරීම ඊට නිදසුනක් බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.
නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙර අගමැතිව සිටි සමයේ ශ්‍රී ලංකා සිවිල් යුද්ධයට විසදුමක් ලබා දීමට සාම සාකච්ඡා පැවැත්වූ අතර ඒ මහතා සමඟ නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟිසන්ධානයෙන් නව රජයක් පිහිටුවීම දෙමළ ජනතාව හා ශ්‍රී ලංකා රාජ්‍ය අතර විශ්වාසය නැවත ගොඩනැඟීමට ඉවහල් වන බවට ද ඉඟි කරන බව ද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.
යුද සමයේ දී ඉන්දියාවට සංක්‍රමණය වූ ලක්ෂයකට අධික ශ්‍රී ලංකාවේ දෙමළ ජාතික සරණාගතයින් යුද්ධය අවසන් වී වසර 5ක් ගත වූවත් පැවති රජයේ ප්‍රතිහිංසන වලට බියෙන් නැවත මව් රටට පැමිණීම ප්‍රතික්ෂේප කළහ. මෙම කරුණ පිළිබඳව ඉන්දීය විදේශ ඇමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ සමරවීර මහතා සාකච්ඡා පැවැත්විය.
SDF