රත්නපුර දිස්ත්‍රික් හිටපු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ අමාත්‍යවරයෙකු වන චන්ද්‍රා ගන්කන්ද මහතාගේ පුත්‍රයා වන දුනේෂ් හර්ෂ ගන්කන්ද මහතා මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරයි.
2004 වසරේ සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරයා ද වේ.
2010 වසරේ සිට එක්සත් ජාතික පක්ෂයේ විදේශ කටයුතු කමිටුවේ ලේකම් ලෙස ද තම සේවය ලබා දී ඇත. දීර්ඝ කාලයක් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙකු ලෙස ද ඒ මහතා කටයුතු කර තිබේ.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය චන්ද්‍රා ගන්කන්ද මහතා සහ එම මැතිණිය ද පාර්ලිමේන්තු හා පළාත් සභා මැති ඇමතිවරුන් ද පළාත් පාලන නියෝජිතයන් හා අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය ද ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
SDF