උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සියළු දිස්ත්‍රික්කයන්හි හමුදා සාමාජිකයින් හාඑම ප්‍රදේශවල ජනතාව පෙර පරිද්දෙන්ම සාමකාමී ලෙස සිය වැඩකටයුතු කරගෙන යන බවඅවධාරනය කල මාධ්‍ය අධ්‍යක්ෂවරයා එසේ වුවද පශ්චාත් මැතිවරණ සමයේදී පොදුවේයම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට පෞද්ගලික මට්ටමින් යම් අගතියක් සිදුවීනම් ඒපිළිබදව පැමිණිලි කිරීම සදහා අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂකඅමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඩී එම් එස් ජයරත්න මහත්මිය පත් කර ඇති බවද පවසා සිටියේය.
ඒ අනුව දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක සිදුවූ ප්‍රචන්ඩ ක්‍රියා පිළිබදව හා ඒසදහා අනුබල දුන් හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකල අය පිළිබදව සියළු තොරතුරු පහත සදහන් දුරකතන අංකවලට දැනුම් දිය හැකි බවද වනිගසූරිය මහතා විසින් වැඩිදුරටත් පවසා සිටින ලදී.
දුරකතන අංකයන් : 0112335792 , 0112335794 , 0112335795 , 0718345124
ෆැක්ස් අංකය : 0112335797
උතුරේ ඇති හමුදා කදවුරු අඩු කරන්නේදැයි අසන ලද ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ජනාධිපතිතුමාගේ නියමයට අනුව උතුරේ ඇති හමුදා කදවුරු පවත්වාගෙන යාමේ අවශ්‍යතාවය පිළිබඳව නිසි අධ්‍යනයක් සිදු කරන බවට ආරක්ෂක ලේකම්තුමා විසින් දන්වා ඇති බවද මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙහිදී දන්වා සිටියේය.