එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2000 වසරේ සිට නොකඩවා පාර්ලිමේන්තුව නියෝජනය කරන චම්පික ප්‍රේමදාස මහතා වසර 50ක අත්දැකීම් හා පලපුරුද්ද සහිත පරිණත දේශපාලඥයෙකි.
රඹුක්කන ගබ්බල සිරිසඟබෝ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ප්‍රේමදාස මහතා 1996දී පළමු වරට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා මැතිවරණයට ඉදිරිපත් වී දිස්ත්‍රික්කයේ වැඩිම මනාපලාභියා විය. 1998දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූ ඔහු මේ වන විට කෑගල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ ලේකම්වරයා ලෙස ද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සභිකයෙක් ලෙස ද දැදිගම කොට්ඨාස බල මණ්ඩලයේ සභාපති හා වරකාපොළ සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරයි.
NDH