විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නිසංසලා විදානපතිරණ යන මහත්මීන්ගේ දායකත්වයෙන් ධර්මපූරම් ප්‍රදේශයේ පාසල් සිසුන් 200 දෙනෙකු වෙත පාසල් උපකරණ බෙදාදීම පසුගියදා කිලිනොච්චි සෙබළුන් විසින් සිදු කරන ලදී.
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 57 වන සේනාංකයට අයත් 571 බලසේනාවේ 17 වන ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් සංවිධානය කරන ලද මෙම අවස්ථාව සඳහා 17 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීහු, ගුරුවරු මෙන්ම සිසුහු ද සහභාගී වූහ.