පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හෙට (14) කොළඹ, ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන විශේෂ දේව මෙහෙයට සහභාගිවීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුව සඳහා අද (13) හා හෙට (14) විශේෂ බස් සේවා ක්‍රියාත්මක කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
මගී අවශ්‍යතා අනුව දිවයිනේ සියලු ම ප්‍රධාන නගර ආවරණය වන පරිදි දවසේ පැය 24 පුරාම මේ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. දේව මෙහෙය අවසන් වීමෙන් පසු ගම්බිම් බලා යන බැතිමතුන් සඳහා ද මේ මගී සේවා සලසනු ඇත.
NDH