ජනාධිපතිවරණය වෙනුවෙන් ඡන්දය භාවිත කිරීම සඳහා සිය ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව වෙනුවෙන් අද (08) අධිවේගී මාර්ගවල ගමනාගමනය සඳහා මුදල් අය නොකිරීමට තීරණය කර ඇත. ඒ අනුව අද පෙරවරු 7.00 සිට රාත්රී 8.00 දක්වා කිසිදු ගෙවීමකින් තොරව අධිවේගී මාර්ගවලින් ගමන් කළ හැකි බව අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් ඒකකයේ කළමනාකරු ටී.කේ. රණතුංග මහතා පවසයි. NDH