යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ සිට යාපනය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 526කට ගෙන යනු ලැබුවේ යාපනය දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුන්දරම් අරමෙයිනායගම් මහතාගේ අධීක්ෂණය යටතේ ය.
ජනපතිවරණයේ දී යාපනය දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගේත් ඡන්ද පොළ මධ්‍යස්ථාන හා ගණන් කිරීමේ මධ්‍යස්ථානවලත් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් පොලිස් නිලධාරීන් 2,000කට වඩා රාජකාරියේ යෙදී සිටින බව වාර්තා වේ.
යාපනය දිස්ත්‍රික්කයේ මැතිවරණ රාජකාරි කටයුතු සඳහා රජයේ නිලධාරීන් 5000කට වඩා යොදවා ඇති අතර සියලු කටයුතු යාපනය දිසාපති සුන්දරම් අරුමෙයිනායගම් මහතා දිස්ත්‍රික් ප්‍රධාන තේරීම්භාර නිලධාරියා වශයෙන් කටයුතු කරනු ලැබේ. යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ස්ථාපිත කර තිබේ.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඡන්දය භාවිත කිරීමට යාපනය දිස්ත්‍රික්කයේ 450,132 දෙනෙකු සුදුසුකම් ලබා ඇත.
PS_dmu_jaffna