අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ශ්‍රී ලංකා ගමන ස්ථිර බව ඊයේ (06) මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා කතෝලික පියතුමන්ලා ප්‍රකාශ කළෝය. සාමකාමී මැතිවරණයකින් පසුව එළඹෙන සතියේ පාප් වහන්සේ දිවයිනට පැමිණෙන බව එහි දී ප්‍රකාශ විය.
ජාතික කතෝලික ජන සන්නිවේදන ඒකකයේ අධ්යක්ෂ සිරිල් ගාමිණී පියතුමන් පැවසූ පරිදි කුමන හේතුවක් නිසා හෝ පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය කල් නොදමන බවත් මේ වනවිටත් සංචාරයේ සියලු ම සැලසුම් සිදු කර ඇති බවත් එහිදී පැවසුවේය.
SDF