නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වෙහෙරතැන්න නැවත පදිංචි කළ වැසියන් සඳහා නව නිවාස හා පාසල් උපකරණ

    ජනවාරි 07, 2015
    වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙ හි  62 වන සේනාංකයේ සෙබළුන් ඉදිකරන ලද වෙහෙරතැන්න නැවත පදිංචි කළ ගම්මානයේ  පාසල් ළමුන් 168 දෙනෙකු සඳහා විශ්‍රාමික බ්‍රිගේඩියර් හිරාන් හලන්ගොඩ මහතා සහ දානපතීන් කණ්ඩායමක් විසින් නව වසර වෙනුවෙන් පාසල් උපකරණ බෙදා දීමක් සිදු කරන ලදී.
     
    වෛද්‍ය චන්ද්‍ර‍සේන, වසන්ත ද අල්විස් සිල්වා, අනෝමා ද සිල්වා සහ දිල්සිරි චන්ද්‍රසේන යන මහත්ම මහත්මීන්ගේ  මූල්‍ය පරිත්‍යාගයෙන් මේ එක් පාසල් සිසුවෙකු සඳහා රුපියල් 2,500ක් වටිනා පාසල් උපකරණ බෙදා දී ඇත. 
     
    මේ අතරතුර අඩු ආදායම්ලාභී පවුල්  4ක් සඳහා  62 වන සේනාංකය විසින් නව නිවාස 4ක් ද ඉදිකරන ලදී. වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා  මහතා සහ  62 වන සේනාංකයේ සේනාංකාධිපති  බ්‍රිගේඩියර් කේ.ජී.ඩී. පෙරේරා මහතා විසින් කළ ඉල්ලීමකට අනුව රත්නපුර ප්‍රධාන මැණික් ව්‍යාපාරිකයෙකු වන නිහාල් ජයතිලක, එල්. එන් පෙරේරා, සිංහ අබේගුණවර්ධන යන දානපතීන් මෙම නිවාස ඉදිකිරීම සඳහා අනුග්‍රහය දක්වා ඇත. මේ නව නිවාස නව වසරේ 01 වැනි දින සිවිල් වැසියන් වෙත භාර දී ඇත. 
     
    එම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් සහභාගී වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya