උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුරය පසුකළ විට සැතපුම් 15ක් දුරින් හමුවන මංසන්ධියක් වන මැදවච්චිය දුම්රිය ස්ථානයෙන් වමට හැරී තලෙයි මන්නාරම දක්වා මෙම දුම්රිය මාර්ගය ගමන් කරයි. මැදවච්චියේ සිට තලෙයි මන්නාරමට දුර කිලෝ මීටර් 106කි.
එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන් බෝම්බ තබා තල්අඩි පාලම පුපුරවා හැරීමෙන් පසුව තලෙයි මන්නාරම දක්‌වා වූ දුම්රිය ධාවන කටයුතු නතර විණි. මානුෂීය මෙහෙයුම අවසන් වීමෙන් පසු පළමු අදියර යටතේ මැදවච්චියේ සිට මඩු රෝඩ් දක්වා දුම්රිය මාර්ගයේ කිලෝමීටර් 43ක වැඩ අවසන් කොට මඩු දක්‌වා දුම්රිය ධාවනය මේ වනවිට සිදුවෙයි. මඩු පල්ලිය වන්දනා කිරීමට පැමිණෙන බැතිමතුන්ට මෙය ඉතා විශාල පහසුවක් වී ඇත.
තලෙයි මන්නාරම දක්වා ඉදිකිරීම් අවසන්වීමෙන් පසු මේ දුම්රිය මාර්ගයේ පැ.කි.මී. 120ක වේගයෙන් දුම්රිය ගමන් කිරීමට සැලසුම් කර ඇත. නව තාක්‌ෂණික දුම්රිය සංඥා හා මෙහෙයුම් පද්ධතියක් ද ඒ සමගාමීව ස්ථාපිත කරනු ලබයි. ඉන්දීය රජයේ සහන ණය ආධාර යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.