මෙම සම්පත් මධ්‍යස්ථානයෙන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් හඳුනාගෙන ඔවුන් වර්ගීකරණයට ලක්කර සාර්ථක අධ්‍යාපනයක් ලබාදීම සිදුකෙරේ.
විශේෂ අධ්‍යාපන සහ ප්‍රාථමික අධ්‍යාපන වැඩසටහන්, විශේෂ අධ්‍යාපන ක්ෂේත්‍ර යේ පුස්තකාල පහසුකම් සංවර්ධනය අන්තර්කරණ අධ්‍යාපන සංකල්පය ව්‍යාප්ත කිරීම යන කරුණු මෙම ව්‍යාපෘතියේ අපේක්ෂිත සේවාවන් අතර වේ.
සම්පත් හා තොරතුරු මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා පළමු අදියරේ දී රුපියල් මිලියන 6.3ක් වැය කරන අතර දෙවන අදියර සඳහා රුපියල් මිලියන 25ක් වැය කෙරේ.
කාන්තා සහ පිරිමි නේවාසිකාගාර, ප්‍රථමාධාර කාමරය හා ජල චිකිත්සක කාමරය, සෙල්ලම් මිදුල, ක්‍රීඩාගාරය සහ සම්මන්ත්‍රණ ශාලාව යන ප්‍රධාන අංගවලින් මෙය සමන්විත වේ.
NDH/kpm