මේ සඳහා අයදුම්කරුවන් 1,801 දෙනෙකු පෙනීසිටීමට නියමිතය.
ශ්‍රී ලංකා පොලිස් සේවයේ පරිවාස/ වැඩබලන සහකාර පොලිස් අධිකාරීවරුන්/ වරියන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය සහ දෙවන භාෂාව පිළිබඳ පරීක්ෂණය - 2014(II) විභාගය ජනවාරි 24 දින කොළඹදී පමණක් පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ "ආ" ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014; ජනවාරි 24 දින කොළඹදී පමණක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ II ශ්‍රේණියේ "අ" ඛණ්ඩයේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් විභාගය - 2014; ද ජනවාරි 25 දින කොළඹදී පමණක් පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.
NDH