නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 වසර අවසානයේ දී උද්ධමනය පහළ තනි ඉලක්කමක මට්ටමට ළඟා වේ

    ජනවාරි 01, 2015

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන කොළඹ පාරිභෝගිකයන්ගේ මිල දර්ශකයේ (කො.පා.මි.ද.) (2006/07=100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2013 දෙසැම්බර්  මස වාර්තා කළ 4.7%ට සාපේක්ෂව 2014 දෙසැම්බර් මාසයේ දී  2.1% දක්වා පහළ වැටිණි. අඛණ්ඩව මාස 19ක් පුරා අඩු වන ප්‍රවණතාවක් පෙන්නුම් කළ වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 2013 දෙසැම්බර් මස පැවති 6.9% හි සිට 2014 දෙසැම්බර් මාසයේ දී 3.3% දක්වා පහළ වැටිණි. විවෘත ආර්ථික ක්‍රමය හඳුන්වා දීමෙන් පසු මේ වන තෙක් වාර්ෂික සාමාන්‍ය පදනම මත (මාස 71) සහ ලක්ෂ්‍යමය පදනම මත (මාස 65) උද්ධමනය අඛණ්ඩව තනි ඉලක්කමක මට්ටමෙ හි පැවති දීර්ඝතම කාලපරිච්ඡේදය මෙය වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

     
    විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්තිය, සාපේක්ෂ වශයෙන් ස්ථාවරව පැවති විනිමය අනුපාතිකය, ආහාර මෙන්ම ආහාර නොවන ආනයනික අයිතමයන්ගේ මිල ගණන් පහළ යාම, සැපයුම් අංශයෙ හි දැකිය හැකි වූ යහපත් ප්‍රවණතා, විදුලිය හා ජල ගාස්තු, එල්.පී. ගෑස් හා ඉන්ධන මිල ගණන් ආදී පරිපාලිත මිල ගණන් පහළ දැමීම සහ සැපයුම් අංශයෙ හි මතු වූ බාධාවන් පාලනය කිරීම සඳහා නිසි කලට මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගයන් සමඟ සුසංයෝගව ව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හඳුන්වා දීම 2014 වර්ෂය තුළ උද්ධමනය පහළ අගයක පවත්වා ගැනීමට ඉවහල් විය.
     
    ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම අඩු වේගයකින් සිදුවීම 2014 දී වාර්ෂික සාමාන්‍ය උද්ධමනය 3.3% දක්වා පහළ යාමට ප්‍රධාන දායකත්වයක් සැපයීය. 2013 වසරේ දී 6.1%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ මිල ගණන් ඉහළ යාම 2014 වසරේ දී  2.8%කට සීමා විය. 2014 වසරේ දී අග මාසවල දී විදුලිය හා ජල ගාස්තු සහ ඉන්ධන මිල ගණන් පහළ දැමීම ද මේ සඳහා උපකාරී විය.
     
    එහි ප්‍රතිඵලයක් ලෙස, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන උප කාණ්ඩයේ සාමාන්‍ය මිල ගණන් 2014 වසරේ දී 1.1%කින් පමණක් ඉහළ ගියේය. මීට අමතරව, රෙදිපිළි හා පාවහන් උප කාණ්ඩයේ අයිතමයන්ගේ මිල ගණන් 2013 වසරට වඩා අඩු වේගයකින් ඉහළ යාම උද්ධමනයේ මෙම පහළ යාම සඳහා හිතකර ලෙස බලපෑවේය. කෙසේ වුවද, ආහාර හා මධ්‍යසාර නොවන පාන අයත් උප කාණ්ඩයේ මිල ගණන් 2013 වසර සමඟ සැසදීමේ දී සාපේක්ෂව ඉහළ අගයකින් එනම්, 3.8%කින් වැඩිවීම උද්ධමනය මත පීඩනයක් ඇති කළේය.
     
    ආර්ථිකයේ දිගුකාලීන යටිදැරි උද්ධමනය පෙන්නුම් කරන මූලික උද්ධමනය වාර්ෂික සාමාන්‍ය පදනම මත 2013 දෙසැම්බර් මස වාර්තා කළ  4.4% හි සිට 2014 දෙසැම්බර් මාසයේ දී 3.5% දක්වා පහළ වැටිණි. වසර තුළ සුළු වශයෙන් ඉහළ පහළ ගිය ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2013 දෙසැම්බර් මස පැවති 2.1% හි සිට 2014  දෙසැම්බර් මස දී 3.2% දාක්වා ඉහළ ගිය බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya