ගංවතුරින් යට වී තිබූ කින්නියා කුට්ටික්කරිචි පාලම ගමනාගමනයට බාධා කළ නමුත් මේ වනවිට පාලම හරහා ගලා ගිය ජලය බැස යමින් පවතී. මේ හේතුවෙන් නැවතත් ජනතාව ඊයේ (30) සිට පාලම හරහා ගමනාගමනය ආරම්භ කර ඇති අතර ට්රැක්ටර් ඇතුළු අනෙක් වාහන ද පාලම හරහා ගමන් කරනු දක්නට ලැබේ.
කුන්ඤන්කේනි පාලම ගංවතුර හේතුවෙන් විනාශයට පත්ව ඇති අතර එම ප්රදේශයේ ගමනාගමන කටයුතුවලට ද එය මහත් බාධාවක් වී ඇත. එම ප්රදේශයේ ජනතාව පාලම වෙනුවට විකල්ප මාර්ග යොදා ගනිමින් සිටින අතර ජනතාවගේ පහසුව පිණිස නාවික හමුදාව විසින් බෝට්ටු සේවාවක් ද ආරම්භ කරනු ලැබ ඇත.
SDF