නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 45.5ක්

    දෙසැම්බර් 31, 2014
    පසුගිය දින කිහිපයේ පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විපතට පත් ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 45.5ක මුදලක් වෙන්කර ඇතැයි ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරල් ටී. තිස්ස රංජිත් ද සිල්වා මහතා පවසයි.
     
    විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු ම සහනාධාර මේ වනවිට ලබා දෙමින් සිටින අතර තාවකාලික කඳවුරුවල රැඳී සිටින ජනතාවට දිස්ත්‍රික් ලේකම්වරයාගේ මඟපෙන්වීම යටතේ අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් ද්‍රව්‍ය ලබා දීමට කටයුතු කරයි. 
     
    විපතට පත් සියලු ම ජනතාවට සතියකට ප්‍රමාණවත් වියළි ආහාර මේ වනවිටත් සපයා දී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කියා සිටියි.  
     
    දැනට ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ කාලගුණය යහපත් තත්ත්වයට පත්ව ඇති බැවින් ජනතාව සිය දෛනික වැඩකටයුතුවල නිරත වීම ආරම්භ කර ඇත.
     
    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya