අපි තමුන්නාන්සේලා කුරුණෑගල පාරේ යනකොට පේනවා ඒ කණු හදන්න කරන වියදම. සිමෙන්ති වක්කරනවා. ඒ නිසා ඒවාට ලොකු වියදමක් යනවා. ඒ වියදම සමහර වෙලාවට අපිට හිතන්නත් අමාරුයි. ඒ වියදම කරන්නෙ නැතිව පාර හදලා වැඩක් නෑ. මැෂින් ලෝඩර් ටිපර් සාමාන්‍ය කම්කරුවෝ නවාතැන් පොළවල් කොච්චර දේවල් තියෙනවාද? ඒ අයට ගෙවන්න. ඒ නිසා අපි එකක් මතක තියා ගන්න මිත‍්‍රවරුනේ මේ බොරු කතා කියන්නේ කිසි දෙයක් දන්නෙ නැති මිනිස්සුන්ට විතරයි. මේ ආණ්ඩුව වැඩ කරන හැටි බලාගෙන ඉන්න බැරි අය තමා එහෙම කියන්නේ.
රටට වැඩ කරන කොට වැඩ බලාගෙන ඉන්න මිනිස්සු කියන කතාව තමයි අපිට චෝදනා කරන්නෙ ආණ්ඩුව වංචාකරනවා කියන එක. කතාවක් තියෙනවානේ පිඟන් හෝදනකොට තමයි බිඳෙන්නෙ. හෝදන් නැති මිනිස්සු බිඳෙන බව දන්නෑනෙ. ඒ වගේ වැඩක් මේක. වැඩක් කරනකොට ප‍්‍රතිඵල දෙනකොට ඒ වැඩේ ගැන චෝදනා එනවා. මීගමුව කුරුණෑගල මාර්ග සංවර්ධනය කිරීමේ දී පන්නල නගරයේ කඩ කිහිපයක් කැඩුණා. මට හිතන්නේ මීටර් 500ක කඩ 12ක් විතර කැඩෙන්න ඇති. ඔබතුමන්ලා දන්නවාද? ගෙවපු වන්දිය රුපියල් ලක්ෂ 650ක්. රුපියල් මිලියන 65ක් පන්නල නගරයට ගෙවලා තියෙනවා. එතකොට ඒ මීටර් 500 වියදම කීය ද? ඒවා සියල්ල මාර්ග සංවර්ධනය කරන කොට නව මාර්ග හදන කොට ඇතුළත්. මේ සියලු වියදම් පෙන්නලා මාර්ගයේ කිලෝ මීටරයක් හදන්න විශාල මුදලක් වැයවුණා කියන එක බොරුවක්. මේ සංවර්ධනය අහසින් වැටිලා නෑ කියන එක ගම්වල ජනතාව දන්නවා. ගම්වල දේශපාලනය කරන අපි දන්නවා. කොළඹ සීත කාමරවල ඉන්න අයට වඩා.
උතුරු නැගෙනහිර පළාත් සම්පූර්ණයෙන්ම අලුතින් හදලා තියෙනවා. ඒ පළාත්වල ජනතාවට අද එල්.ටී.ටී.ඊ තර්ඡන නැහැ. ජීවත්වෙන්න අමාරුවක් නැහැ. ඒ ගොල්ලන්ගෙ ගොවිතැන් කටයුතු වැඩිවෙලා තියෙනවා. ඒ ගොල්ලන්ගෙ දරුවා අද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ තුවක්කු අරගෙන යුද්දෙට යන්නේ නැහැ. ඒ ගොල්ලො මැරෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ ඉස්කෝලෙ යනවා. ඒ සියල්ල කරලා දීලා තියෙන්නෙ ජනාධිපතිතුමා යැයි ද අමාත්‍යතුමා එහිදී තවදුරටත් පැවසීය.