නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාපුර, හිඟුරක්ගොඩ, සුංගාවිල විපතට පත්වූ අයට වියළි ආහාර, ඖෂධ හා වෙනත් සහනාධාර බෙදා දේ

    දෙසැම්බර් 26, 2014

    පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ ගංවතුරින් අවතැන් වූවන්ට හයවෙනි (06) දිනටත් වියළි ආහාර ලබාදීම හා සහන සැලසීම ජනපති උපදෙසින් උතුරු මැද පළාත් සභාව විසින් සිදු කරනු ලබයි.

    පොලොන්නරුවේ ලංකාපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශයේ පටුනුගම සුභ සාධක කඳවුරේ රඳවා සිටින එකසියනව (109) දෙනෙකුටද පටුනුගම ශ‍්‍රී සුදර්ශනාරාම විහාරස්ථාන අවතැන් කඳවුරේ එකසියපනස් (150) දෙනෙකුට ද හිඟුරක්ගොඩ ප‍්‍රදේශයේ ජයබිම සුභ සාධක කඳවුරේ සිටින එකසියතිස් අට (138) දෙනෙකුටද සුංගාවිල මුස්ලිම් විදුහලේ රඳවා ඇති අවතැන් වූවන් හැටඑක් (61) දෙනෙකුටද වියළි ආහාර, ඖෂධ හා වෙනත් සහනාධාර බෙදා දීම උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණ.

     

    මේ අතර අනුරාධපුරයේ අවතැන් වූවන් සඳහා ද හයවෙනි දිනටත් සහනාධාර ලබා දීම උතුරු මැද පළාත් සභාව විසින් සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya