ඒ අනුව පලෙයි, කොඩිකාමම්, නල්ලූර්, කරෙයිනගර්, පුන්ගුඩුතිව්, වඩුක්කොඩෙයි සහ යාපනය මහ නගර සභාව ( ඕල්ඩ් පාර්ක්) යන ප්‍රදේශයන් හි ජල කුළුණු ඉදිකෙරෙනු ඇත.
මේ සඳහා ඇමෙරිකා ඩොලර් මිලියන 164.4ක් වැය කිරීමට අපේක්ෂා කෙරේ. ඉන් ඇ.ඩො. මිලියන 138ක් විදේශීය අරමුදල් වශයෙන් ද ඇ.ඩො. මිලියන 26.4ක් ශ්‍රී ලංකා රජය විසින් ද දරනු ඇත.
යාපනය කිලිනොච්චිය ජල සම්පාදන හා සනීපාරක්ෂක ව්‍යාපෘතිය ආසියානු සංවර්ධන බැංකුව, Agence Frncise de Development ( AFD) සහ ශ්‍රී ලංකා රජයේ සහය ඇති ව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරමින් පවතී.
DB