නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පටු අරමුණු සඳහා එකතුවන නායකයන්ගෙන් සිදුවන්නේ රට විනාශ වීම පමණයි - කෘෂිකර්ම අමාත්‍ය

    දෙසැම්බර් 24, 2014

    සීමාසහිත අරමුණු සහ පටු අවශ්‍යතා වෙනුවෙන් බිහි වූ පක්ෂ එකට එක්වීම තුළ සිදුවන්නේ එකිනෙකා කුලල් කා ගැනීම මිස රට වෙනුවෙන් සේවය කිරීම නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. 

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (23) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ය.

    රටේ වත්මන් දේශපාලන ක‍්‍රියාදාමය පිළිබඳ ව අදහස් පළ කළ අමාත්‍යවරයා ශ‍්‍රී ලංකාව තුළ කිසිදු යුද අපරාධයක් සිදු වී නැති අතර සිදු වී නැති දෙයක් පිළිබඳ සොයා බැලීමට කිසිවක් අවශ්‍ය නැති බවත් සඳහන් කළේය. 


    ශ‍්‍රී ලංකාව තුළ සිදු වූයේ ත‍්‍රස්තවාදයෙන් මිනිසුන් බේරාගැනීම පිළිබඳ වූ මානුෂීය මෙහෙයුමක් මිස යුද අපරාධයක් නොවේ. රට ගැන සිතා කටයුතු කළ යුතු බව ද ඔහු සඳහන් කළේය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya