ලාංකීය කලා ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා සබරගමුව පළාතෙන් බිහි වූ අග්‍රගණ්‍ය කලාකරුවෝ හතර දෙනෙකු සබරගමුව පළාත් සාහිත්‍ය උළෙලේ දී විශේෂ ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූහ.
මෙලෙස විශේෂ ප්‍රතිභා ප්‍රණාම සම්මානයට පාත්‍රවූයේ මෛත්‍රීපාල, අයිරාංගනී සේරසිංහ, සංගීතඥ ප්‍රේමනාත් කොඩිතුවක්කු සහ බලංගොඩ සරත් මධු යන කලාකරුවෝ ය.
මීට අමතරව රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක දෙකේ කලාකරුවන් 30 දෙනෙකු ප්‍රතිභා ප්‍රණාම සම්මානයෙන් පිදුම් ලැබූ හ.
මෙම අවස්ථාවට පළාත් අධ්‍යාපන හා තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍ය භාණු මුණිප්‍රිය, ප්‍රධාන ලේකම් හේරත් පී. කුලරත්න, අමාත්‍යංශ ලේකම් මහින්ද වීරසූරිය, බණ්ඩාර ඇහැලියගොඩ යන මහත්වරු ද එක්ව සිටියහ.
මෙහිදී විශේෂ දේශනය බණ්ඩාර ඇහැලියගොඩ මහතා විසින් ඉදිරිපත් කරන ලදී.
DB