නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිහින්තලේ පාරම්පරික එජාප ක‍්‍රියාකාරීන්ගේ සහය ජනපතිට

    දෙසැම්බර් 18, 2014

    මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයේ තවත් පාරම්පරික එක්සත් ජාතික පක්‍ෂ ක‍්‍රියාකාරීහු 92 දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට සහය දැක්වීමට එක්වෙති.



    මෙසේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා එක්වූයේ ඊයේ (17) පෙරවරුවේ මිහින්තලේ මැතිවරණ කොට්ඨාසයට අයත් අමුනොච්චිය, කුඩාගම, වෙල්ලමුදාව, සෙලිස්තිමඩුව යන ප‍්‍රදේශවල පැවැති ජන හමුවලදීය.

    මිහින්තලේ ශ‍්‍රී.ල.නි.ප. වැඩබලන සංවිධායක ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අතින් ඔවුහු මෙසේ සන්ධානයට එක්වූහ.

    රනිල් වික‍්‍රමසිංහ මහතා මේ මැතිවරණය ජයග‍්‍රහණය කරනවා නම් ඔහු ඉදිරිපත් වන බව ද පරාජය වන නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ බව ද ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා මෙහිදී පැවසීය.

    ජනාධිපතිතුමා පරාජයට පත්කළ හැකි බලගතු පුද්ගලයකු තවම මේ රටේ ඉපදී නැති බවත් අභීත සෙන්පතියෙකු ලෙස තිස් වසරක යුද්ධය අවසන් කොට රටට සාමය උදාකළ නායකයා පරාජයට පත් කිරීමට ජාත්‍යන්තර බෙර පදයට නටන දෙමළ ඩයස්පෝරාවේ හවුල්කරුවන්ට අවශ්‍ය වුවත් මේ රටේ ජනතාවට අවශ්‍ය නැති බවත් මව්බිමේ නිදහස උරුම කර දුන් ජනාධිපතිතුමා වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කිරීමට ජනතාව සූදානමින් සිටින බවත් කීය.

    මෙහිදී අදහස් දක්වමින් පළාත් සභා මන්ත‍්‍රී සරත් ඉලංගසිංහ මහතා කියා සිටියේ මිහින්තලේ ජනතාව කවුරු ගියත් පක්‍ෂය හැර නොයන බවයි.

    මේ අවස්ථාවට පළාත් සභා මන්ත‍්‍රී පි.බි. කුමාර, තිරප්පනේ ප‍්‍රාදේශීය සභා සභාපති රොෂාන් ඉලංගසිංහ යන මහත්වරු ඇතුළු ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක් එක්වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya