නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2014 ගාල්ල දිස්ත්‍රික් අවසන් සම්බන්ධීකරණ කමිටු රැස්වීම

    දෙසැම්බර් 17, 2014

    2014 වසරේ අවසාන ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු පසුගිය 11 වැනිදා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණ.

    මෙහි දී ගාල්ල දිස්ත්‍රික්කයේ එක් ගමකට එක් වැඩක් වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ව්‍යාපෘති 1103ක් ද, ගම නැඟුම ව්‍යාපෘති 408ක් ද, විමධ්‍යගත ව්‍යාපෘති 249 ක් ද, පළාත් නැඟුම ව්‍යාපෘති 537ක් ද, පාසල් සංවර්ධන ව්‍යාපෘති 70ක් ද, රුහුණු උදානය යටතේ ව්‍යාපෘති 153ක් හා විශේෂ ව්‍යාපෘති 102ක් ද මේ වන විට අවසන් කිරීමට මේ වසරේ දී හැකිවු බව අනාවරණය විය.

     

    මෙම ව්‍යාපෘති සඳහා රු මිලියන 1050 ක සමස්ත වියදමක් මේ වන විට වැයකර ඇති බව දිස්ත්‍රික් සැලසුම් කාර්යාලය මෙහි දී පැහැදිලි කරන ලදී.

     

    මෙම අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති සුළු අපනයන භෝග ප්‍රවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ට්ගම මහතා ඇතුළු පළාත් දේශපාලන නියෝජිතයන් ද, ගාල්ල දිස්ත්‍රික් ලේකම් රවීන්ද්‍ර හේවාවිතාරණ මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද එක්ව සිටියහ.

    MAP/GN_dmu_galle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya