නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එක්සත් ජාතික පක්ෂය අනුන්ගෙන් හිඟමන් යදින තත්ත්වයට පත්වෙලා - කෘෂිකර්ම අමාත්‍ය

    දෙසැම්බර් 16, 2014

    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කටයුතු කරන්නේ මැතිවරණ ඉලක්ක කරගෙන නො ව රටේ අනාගතය සහ අනාගත දරු පරපුර වෙනුවෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා ප‍්‍රකාශ කළේය. 


    එතුමා මේ බව සඳහන් කළේ "මුල් තැන අම්මාට" වැඩසටහනට සහභාගී වෙමිනි.


    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගියත් ඒ සහනය ජනතාවට නොදෙන බවට පසුගිය සමයේ විපක්ෂය චෝදනා කළා. නමුත් තෙල් මිල පහළ දමන විට විපක්ෂය පවසන්නේ ඉදිරි ජනාධිපතිවරණය හේතුවෙන් මෙම මිල අඩුකිරීම් සිදු කරන බවයි. එතුමා මැතිවරණය ඉලක්ක කරගෙන කටයුතු කරනවා නම් තවත් අවුරුදු දෙකක් බලයේ රැඳී සිටීමට අවස්ථාව තිබිය දී ජනාධිපතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන්නේ නැහැ. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සමඟ එකඟතාවක් ඇති කර ගනිමින් විදේශ බලවේග සූදානම් වන්නේ ජනාධිපතිතුමාව විදුලි පුටුවට ගෙන ගොස් එතුමාට යුද අපරාධකරුවෙක් ලෙස දඬුවම් කිරීමටයි. ඉදිරි ජනාධිපතිවරණය පවත්වන්නේ මෙවැනි බලවේග හමුවේ ජනතා විශ්වාසය තහවුරු කර ගනිමින් රටේ 
    සංවර්ධන ක‍්‍රියාදාමය ඉදිරියට ගෙන යාම සඳහායි.

    ජනාධිපතිතුමා සැමවිටම ජනතා ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන නායකයෙක්. කප්පරතොට ධීවර ජැටිය තැනීම පිළිබඳ යෝජනාවට කිසිදු නායකයෙකු ඇහුම්කන් නොදුන් අතර වැලිගම ජනතාව වෙනුවෙන් මා කළ ඉල්ලීම අනුව ජනාධිපතිතුමා ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන වෙන්කර දුන්නා. රට ස්ථාවර ඉදිරියට යද්දී ඇතැමුන් උත්සාහ දරන්නේ රටේ අයිතිය පිටරටට උකස් කර රට අස්ථාවර කිරීමටයි. ඔවුන් අර අදින්නේ අන්‍යයන්ට බලපෑම් කළ හැකි දුර්වල නායකත්වයක් පිහිටුවීමටයි.

    එක්සත් ජාතික පක්ෂයට වුවමනා කරන්නේ තමන්ට අවශ්‍ය දේ වෙනත් අය ලවා ඉටුකර ගැනීමටයි. අන්‍යයන්ගෙන් බලය යදින, හිඟන පක්ෂයක් බවට එක්සත් බවට එක්සත් ජාතික පක්ෂය පත්වී හමාරයි. නැවත ගොඩනැඟීමට නොහැකි වන තරමට එක්සත් ජාතික පක්ෂය කඩා වැටී අවසානයි.

    ජනාධිපතිතුමා නිතර ම කටයුතු කරන්නේ ජනතා යහපත උදෙසායි. ගෑස් මිල, විදුලි බිල, ජල බිල මෙන් ම ආහාර ද්‍රව්‍යවල මිල පහළ දමමින් ජනතාවට සහනය සලකන්නේ එබැවිනි. අපේ රට ගැන, අනාගත පරපුර ගැන සිතන ජනතාව අපේ නායකයා ආරක්ෂා කර ගැනීම සඳහා මේ අවස්ථාවේ දී ඉදිරිපත් විය යුතුය. රටට ආදරය කරන සැබෑ පුරවැසියන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව ආරක්ෂා කරගන්නා බව ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya