නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ රාජ්‍ය නොවන ආයතනයන්හි සංවර්ධන කටයුතු නිරීක්ෂණයට

    දෙසැම්බර් 16, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ රාජ්‍ය නොවන ආයතනයන් විසින් සිදු කරනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව නිරීක්ෂණයක් නුවරඑළිය අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම් අමරසේකර මහත්මියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 12 වැනිදා සිදු විය.

    රාජ්‍ය නොවන සංවිධාන සිදු කරනු ලබන සංවර්ධන කටයුතු නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අධීක්ෂණයෙන් වතුකරයේ ප්‍රජාව වෙත විධිමත්ව සිදු වේ. එහි ප්‍රතිඵලයක් ලෙස වර්ල්ඩ් විෂන් ආයතනය විසින් සිදු කරන ලද ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් මෙදින නිරීක්ෂණයට ලක් විය.

     

    පතන, බෝගහවත්ත ග්‍රාමීය ප්‍රදේශ මුල් කොටගෙන වර්ල්ඩ් විෂන් ආයතනය විසින් ඉදි කෙරුණු නවීන පහසුකම්වලින් සපිරුණු පෙරපාසල ‍මෙහි දී ප්‍රමුඛ වේ. නවීන පෙරපාසල් උපකරණ, පන්ති කාමර, සනීපාරක්ෂක පහසුකම් සහ ප්‍රථමාධාර පහසුකම්වලින් එම පෙරපාසල සමන්විතය.

     

    වර්ල්ඩ් විෂන් ආයතනය මගින් ගාමීය ප්‍රජාව වෙත ඉදි කොට ඇති අංග සම්පුර්ණ වැසිකිළි සහ වතුකරයේ දරුවන්ට අධ්‍යාපන කටයුතු සිදු කිරීම සඳහා ඉදි කොට අධ්‍යාපනික මධ්‍යස්ථානයද මෙහිදී අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමියගේ නිරීක්ෂණයට ලක්විය.

     

    එමෙන්ම එම රාජ්‍ය නොවන ආයතනය විසින් වතුකරයේ ප්‍රජාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන පශු සම්පත් වැඩසටහන්, පෝෂණ වැඩසටහන්, අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහන් සහ තාවකාලික නිවාස වැඩසටහන්ද මෙහිදී ඇගයීමට ලක් විය.

     

    මේ වැඩසටහන නුවරඑළිය දිස්ත්‍රික් රාජ්‍ය නොවන ආයතන සම්බන්ධීකරණ අංශයේ දායකත්වයෙන් පැවැත්විණි.

    MAP/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya