ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ගොඩනැගිලි ද්‍රව්‍ය, උපාංග හා සේවා ඉහළ ප්‍රමිතියකින් අඩු මිලට එක ම වහලක් යටින් පාරිභෝගිකයාට ලබාදීම “ C - city ” ව්‍යාපෘතියේ මූලික අරමුණයි. “මහින්ද චින්තන ඉදිරි දැක්ම” අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව (SEC)
විසින් “ C - city ” සුපිරි වෙළෙඳ සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු
සිදුකරනු ලබයි.
ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මේ සඳහා වැය කිරීමට ඇස්තමේන්තුගත මුදල රුපියල් බිලියන 1.2කි. ඉදිකිරීම් ආදර්ශ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු මෙහෙයවනු ලබන්නේ ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය හා ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු
සංස්ථාව විසිනි. ඉදිකිරීම් ආදර්ශ උද්‍යානය සඳහා රුපියල් මිලියන 40ක මුදලක් ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන ආයතනය මඟින් වැයකිරීමට ඇස්තමේන්තුකර තිබේ.
මීට අමතර ව රාජ්‍ය හා පෞද්ගලික අංශ එකතුව ආදර්ශ නිවාස 6ක් මෙම උද්‍යාන භූමිය තුළ ඉදිකර ඇත.
“ C - city ” සුපිරි වෙළෙඳ සංකීර්ණය අක්කර 16ක භූමි භාගයක් තුළ වෙළෙඳ කුටි 261කින් සමන්විත වේ. ගොඩනැගිලි අමුද්‍රව්‍ය හා සේවා එකම වහලක් යටින් ලබාගැනීම, දැවැන්ත සංවර්ධනයට සමගාමීව වගකිව යුතු වෙළෙඳ මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සපුරාලීම, භාණ්ඩ හා සේවා පිළිබඳ නව තාක්ෂණික
දැනුම ලබාදීම, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සුපතළ නාමයන්ගෙන් සමන්විත ගොඩනැගිලි ද්‍රව්‍ය එක ම වහළක් යටින් පාරිභෝගිකයාට සාධාරණ මිලට ලබාගැනීමට අවස්ථාව ලබාදීම මෙම වෙළෙඳ සංකීර්ණය ඉදිකිරීමේ අරමුණු වේ.
මෙම වෙළෙඳ සංකීර්ණය බැංකු පහසුකම්, ආපන ශාලා, රථවාහන නැවැත්වීමේ පහසුකම් (එකවර රථවාහන 500ක් පමණ නවත්වා තැබිය හැකි රථ ගාලක්), භාණ්ඩ ප්‍රවාහන සේවා, ප්‍රදර්ශන සේවා මධ්‍යස්ථාන, ජංගම නඩත්තු සේවා, තොරතුරු මධ්‍යස්ථාන, ගිනි ආරක්ෂක සේවා, අධි ආරක්ෂිත කැමරා සහිත ආරක්ෂක සේවා,
රක්ෂණ සේවා ආදී විශේෂ පහසුකම්වලින් සමන්විත වේ.
මෙම වසර අවසන් වීමට පෙර පෑලියගොඩ “ C - city ” සුපිරි වෙළෙඳ සංකීර්ණය, ඉදිකිරීම් ආදර්ශ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට නියමිතය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා, ඉදිකිරීම් අභ්‍යාස හා සංවර්ධන අධිකාරියේ සභාපති අනුර දසනායක, එහි සාමාන්‍යාධිකාරී එච්.කේ. බාලචන්ද්‍රන් යන මහත්වරු ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
DB