මීට අමතරව භට පිරිස්වල ප්රයෝජනය උදෙසා උත්සව ශාලා, ටෙනිස් ක්රීඩා පිටි, ස්කොෂ් ක්රීඩා පිටි, ගෝල්ෆ් ක්රීඩා පිටි, විවෘත ගෘහස්ථ ක්රීඩාංගණ, දරා ගැනීමේ ශක්තිය විදහා දැක්වීමේ ක්රියාකාරකම්, ඇවිදීමේ සහ පැදීමේ ධාවන පථ ආදී සියලු ම පහසුකම් ඉදිරියේදී මෙහි ඉදිකිරීමට යෝජිතව ඇත.
මෙහිදී මේජර් ජනරාල් උදය නානයක්කාර මහතා විසින් යුද හමුදාපතිතුමාට ගෞරවය දක්වනු වස් මෙම පිහිනුම් තටාකයේ යාවජීව සාමාජිකත්වය ද පිරිනමන ලදී.
චාරිත්රානුකූලව නව පිහිනුම් තටාකය විවෘත කිරීමෙන් අනතුරුව ආකර්ශණීය ප්රදර්ශනාත්මක පිහිනුම් තරගයක් ද පැවැත්වීය.
මෙම අවස්ථාවට ඉංජිනේරු බලකායේ සේවයේ නියුතු නිලධාරීහු, ඉංජිනේරු බලකායේ විශ්රාමික සංගමයේ සාමාජිකයෝ සහ සෙසු නිලයන් සමඟින් ආරාධිතයෝ බොහෝ පිරිසක් සහභාගී වූහ.
NDH/army.lk