නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් ජංගම කාර්යාලයක් පොලොන්නරුවට

    දෙසැම්බර් 15, 2014

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ ජංගම කාර්යාලයක් අද (15) පෙරවරුවේ පොලොන්නරුව නව නගරයේදී විවෘත කරන ලදී.

    මෙයට සමගාමී ව මානව හිමිකම් පිළිබඳ ව රාජ්‍ය ආයතන ප්‍රධානීන්, පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාධරයින් දැනුවත් කිරීමේ වැඩමුළුවක් ‍පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ. මෙහිදී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ සභාපති විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත පෙරේරා මහතා විසින් සමාරම්භක දේශනය පවත්වන ලදී

     

    පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි, පොළොන්නරුව මහාධිකරණ විනිසුරු ක්ලිෆඩ් ඩෙෆ්ත්, පොලොන්නරුව දිසා විනිසුරු යූ.ඩී. කුලතුංග, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවේ කොමසාරිස් ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා, උතුරු මැද නියෝජ්‍ය පොල්ස්පති රංජිත් පද්මසිරි, පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි විජේසේන යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වූහ.

    MAP/WK_dmu_polonnaruwa

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya