අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා පදවිය, අලිවංගුව විද්‍යාලයීය ක්‍රීඩා තරගාවලියේ ත්‍යාග ප්‍රදාන උත්සවයට එක්වෙමිනි.
අලිවංගුව විද්‍යාලයේ සියලු පහසුකම් සහිත ව දැනට අවසන් අදියරේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ අමාත්‍යතුමා රුපියල් ලක්ෂ 05ක අමතර මුදලක් ද එදිනම ලබා දුන්නේය. මීට පෙර ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා අමාත්‍යතුමා විසින් රුපියල් ලක්ෂ 30ක මුදලක් ද ලබා දෙන ලදී.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යතුමා, බාගයක් පමණ අධ්‍යාපනයෙන් අතරමංවෙලා හිටිය ගමේ දරුවන්ට අදවන විට තොරතුරු තාක්ෂණය ද ගමට ඇවිල්ලා. ජනාධිපති මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙළ යටතේ මැදවච්චිය මැතිවරණ බල ප්‍රදේශයට පමණක් මහින්දෝදය විද්‍යාගාර 11ක් ද මහින්දෝදය විද්‍යාපීඨ 03ක් ද ලබා දී තිබෙනවා. ඒ වගේම දැනුමෙන් සම්පූර්ණ වූ තරුණ තරුණියන්ට රැකියා ලබා දී තිබෙනවා. අද වනවිට ගුරු හිඟයක් අහන්නවත් නැහැ. ඉගෙන ගන්න දරුවන්ට සියලු පහසුකම් ලබා දී තිබෙන්නේ ජනාධිපතිතුමාගේ පාලන කාලය තුළ බව විවාදයෙන් තොරවම කිය හැකියි.
පදවිය අලිවංගුව විද්‍යාලයේ විදුහල්පති කේ.ඒ. සේරසිංහ, පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක යන මහත්වරු ඇතුළු සිසුහු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වී සිටියහ.
NDH