වවුනියාව, වෙංගල සෙට්ටිකුලම් ප්රාදේශීය කොට්ඨාසයේ අතුරුදන්වූවන් පිළිබඳ පැමිණිලි විභාගය අදත් (15) වෙංගල සෙට්ටිකුලම් ප්රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදු කෙරෙන අතර වවුනියාව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ හා වවුනියාව දකුණු ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැමිණිලි විභාග කිරීම හෙට (16) හා අනිද්දා (17) වවුනියාව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිතය.
අතුරුදන්වූවන් පිළිබඳ ජනාධිපති කොමිසම ඊයේ (14) ආරම්භ කළ අතර එය ලබන 17 දින දක්වා පැවැත්වෙන බව එම කොමිසමේ සභාපති එච්.එම්. ගුණදාස මහතා සඳහන් කරයි.
ජනතාව සිදු කළ පැමිණිලි විභාග කිරීමට අමතරව නව පැමිණිලි භාර ගැනීමට ද මෙහිදී අවස්ථාව සලසා ඇතැයි ගුණදාස මහතා වැඩිදුරටත් පැවසීය.
NDH/priu