ඊයේ (10) අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ පැවැති ජාතික ධීවර මහා සම්මේලනයේ විධායක කමිටු සාකච්ඡාවේදී මෙම තිරණය ඒකමතිකව සභා සම්මත කරනු ලැබීය.
ගෙවී ගිය වසර 09 ක කාලය තුළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා සිය මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළින් මෙරට ධීවරයා වෙනුවෙනුත්, ධීවර සංවර්ධනය වෙනුවෙනුත් කරන ලද මෙහෙවර සලකා බලා යුද්ධයෙන් මව්බිම ගලවාගත් ජන නායකයා ලෙස ජනාධිපතිතුමාට ධීවර ජනතාවගේ පූර්ණ සහයෝගය ලබාදීමට කැපවන බව යාපනය, මන්නාරම, මුලතිව්, කිලිනොච්චිය, පුත්තලම, ත‍්‍රීකුණාමලය, මාතර, ගාල්ල, හම්බන්තොට, අනුරාධපුරය, කොළඹ, කළුතර ඇතුළු සියලු ම ධීවර දිස්ත‍්‍රික්කවල නායකයන් කතා කරමින් ප‍්‍රකාශ කර සිටියේය.
ධීවර හා ජලජ සම්පත් සංවර්ධන වැඩබලන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් හා අමාත්‍යාංශ වැඩබලන ලේකම් ආචාර්ය දමිතා ද සොයිසා මහත්මියගේ සහභාගිත්වයෙන් මෙම ධීවර සම්මේලන විධායක සභා රැස්වීම පැවැත්වුණි.
මෙහිදී වැඩ බලන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා නිල වශයෙන් ජාතික ධීවර මහා සම්මේලනයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
NDH