නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට යතුරුපැදි

    දෙසැම්බර් 04, 2014
    2015 අයවැය යෝජනාව අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරීන් වෙත යතුරුපැදි ප්‍රදානය කිරීම අද (04) රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ඒ අනුව රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ඇති පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ, පළාත් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන් වෙත අනුයුක්තව සේවය කරනු ලබන සංවර්ධන නිලධාරීන් වෙත මෙලෙස යතුරුපැදි ලබාදීමට කටයුතු කෙරිණි.
     
    මෙම අවස්ථාවට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සරත් කුමාර මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya