අප්‍රේල් 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම හා ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය

    සැප්තැම්බර් 19, 2014

    මොරටුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණික ආයතනය සංවර්ධනය කිරීම හා ප‍්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය මඟින් 2015 වසරේ සිට තාක්ෂණ විෂය ධාරාවෙන් විශ්වවිද්‍යාල පිවිසුම ලබන සිසුන් හට ඉඩපහසුකම් සැලැසීමට සැලසුම් කර ඇත.

     
    මේ ව්‍යාපෘතියේ අරමුණු වන්නේ මොරටුව විශ්වවිද්‍යාලයේ හා මොරටුව විශ්වවිද්‍යාලය තුළ පිහිටුවා ඇති තාක්ෂණික ආයතනයේ සිසුන් අතර ගැටලු විසඳීම, විශාල ජාතික හා ජාත්‍යන්තර ඉල්ලුමක් සහිත ජාතික තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සංවර්ධනය කිරීම හා වැඩි සිසුන් ප‍්‍රමාණයක් බඳවාගැනීම මඟින් එය පුළුල් කිරීමයි. 

    මේ ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම මඟින් අදාළ කටයුතු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ප‍්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ පරිදි ඉදිරියට කර ගෙන යාම සඳහා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. 

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya