මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී.සී.ටී.වී කැමරාවලින් රථ වාහන වැරැදි නිරීක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක්

    අප්‍රේල් 30, 2024

    සී.සී.ටී.වී කැමරාවලින් රථ වාහන වැරැදි නිරීක්ෂණය කිරීමේ නව වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති (රථ­වා­හන පරි­පා­ලන සහ මාර්ග ආර­ක්ෂාව) ඉන්දික හපු­ගොඩ මහතා ප්‍රකාශ කළේය.  සි.සි.ටී.වී කැමරා දත්ත පද්ධතියක් සවිකර මෙම ආලෝක සංඥා පුවරු පද්ධති සින්කොනයිස් ක්‍රමවේදයට අනුව ක්‍රියාත්මක කිරීමට බලාපොාරාත්තු වන බවද  ඒ මහතා පෙන්වා දුන්නේය.ඒ මහතා මේ බව සඳ­හන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­රයේ දී ඊයේ (29) පෙර­ව­රුවේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි.

    රථවාහන පොළිස් නිලධාරියෙක් ආලෝකසංඥා පුවරු අසල රාජකාරී කිරීමේදි අනිවාර්යයෙන් රථ වාහන තදබදයක් ඇතිවන බව මහජනතාවගේ මතය වුවද එය සත්‍යක් නොවන බව  හෙතෙම පෙන්වා දුන්නේය.

    ඒ මහතා මේ බව පැවසුවේ, අද ( 29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කොළඹ නගර සීමාවේ සංඥා ලාම්පු ආශ්‍රිත යාචක උවදුර පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වු අවස්ථාවේදී මාධ්‍යවේදියෙකු ඇසු පැනයකට පිළිතුරු වශයෙනි.

    කල්වේලා ඇතුව රැකි රක්ෂා සදහා පිටත්වන නිලධාරීන්ට රාජකාරී ස්ථාන වෙත යාමටද පාසැල් යන දුවා දරුවන්ට පාසලට නියමිත වේලාවට යාමටද හැකියාව ලැබී ඇත්තේ මාර්ග තදබදය ඇති ස්ථානවල රථවාහන පොළිස් නිලධාරියෙක් රාජකාරි සිදු කරන බැවින් බව පෙන්වා දුන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා , නොඑසේ නම් නිලධාරීන්ට මෙන්ම සිසුසිසුවියන්ටද අදාළ ස්ථානවෙත යාමට උදෑසන 10.00 පමණ වන බවත් මාර්ග සංඥා පුවරු අසළ පොළිස් නිලධාරීයෙකු සිටිමෙන් මාර්ග තදබදය අවම වී මහජනතාවගේ කාලයද ඉතිරිවන බවද පෙන්වා දුන්නේය. 

    එමෙන්ම අතිගරු ජනාධිපතිතුමා , ගරු අගමැතිතුමා, විදේශ රටක රාජ්‍ය නායකයෙකු මාර්ගයේ යන විශේෂ  අවස්ථාවලදි  සහ අධික වර්ෂාව පවතින අවස්ථාවකදී ද ආලොක සංඥා පුවරු නිවා දමා රථ වාහන පොළිස් නිලධාරියෙකු හරහා වාහන හැසිරවීම කරන බවත් එමගින් කිසිසේත්ම වාහන තදබදයක් ඇති නොවන  බවද ඉන්දික හපුගොඩ මහතා පැවසීය.

    රථවාහන නිලධාරීයාගේ කැපවීම කාර්යශූරත්වය මත රථවාහන හැසිරවීම සිදු කරන බවත් එය වගකීම් සහිත කාර්යභාර්යක් බව කී ඒ මහතා 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya