මැයි 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක බලවතුන්ගේ ආක‍්‍රමණික මෙවලම බවට ජනමාධ්‍ය භාවිතයට ගනිමින් සිටිනවා -මහාචාර්ය ආරියරත්න ඇතුගල

    අගෝස්තු 25, 2014

    ලෝක බලවතුන් මාධ්‍ය භාවිතයෙන් රටවල් යටත්කරණයට පොළඹවමින් සිටින බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසයි.


    ලෝකයේ බලවතුන්ගේ වුවමනා එපාකම්වලට අනුව මාධ්‍ය භාවිත කරමින් ආක‍්‍රමණික ස්වරූපයෙන් කටයුතු කරමින් අපගේ පෞරෂත්වය බෙලහීන කිරීමට මාන බලන බව රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා පැවසුයේ රත්නපුර, ලෙල්ලෝපිටියේ සිල්ව රේ හෝටලයේ දි අද (25) පැවති දිස්ත‍්‍රික් සංවර්ධනයේ දී ප‍්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සම්මන්ත‍්‍රණය අමතමිනි.


    තවදුරටත් අදහස් දැක් වූ මහාචාර්ය ඇතුගල මහතා; “විශ්ව පුරවැසියන් අතර ඉන්න විශේෂ විශ්ව පුරවැසියකු විදියට තමයි මාධ්‍යකරුවා සලකන්නේ. ඒ අනුව ප‍්‍රාදේශීය කියන යෙදුම ඔබට යොදන්න බැහැ. එයට හේතුව නූතන තාක්ෂණික මෙවලම් පදනම් කරගෙන ජාතික මට්ටමේ ප‍්‍රශ්න පවා අමතන්න පුළුවන්කම අද ඔබට තිබෙනවා. අද බොහෝ පුවත්පත්වල ප‍්‍රධාන ශීර්ෂ පාඨය සරසන්නේ ප‍්‍රාදේශීය ප‍්‍රවෘත්තිවලින්. හැබැයි ඒ එක්කම ඔබට විශාල වගකීමක් පැවරිලා තියෙනවා. ඒ වගකීම ඉටුකරන්නේ කෙසේ ද කියන එක පිළිබඳව ඔබට හොඳ පරිචයක් වගේම තීක්ෂණ බුද්ධියක් තිබිය යුතුයි.


    බටහිර මාධ්‍ය අපට උගන්වලා තියෙන්නේ “වගකීම” කියන එක් අතහැර “නිදහස” ගැන විතරයි. නමුත් එය නොවෙයි සත්‍යය. ඒ පිළිබඳව ඔබ තවදුරටත් විචක්ෂණව සිතිය යුතුයි. මාධ්‍යකරුවා ශාස්තෘවරයෙකු ලෙස කටයුතු කළ යුතු යන මතයක් අද ගොඩනැගිලා. එසේ වී ඇත්තේ අද මාධ්‍යකරුවා නිරෝගී මනසක් ඇති සෞඛ්‍ය  සම්පන්න සමාජයක් නිර්මාණය කිරීමට හැකි එකම පුද්ගලයා බවට අද වනවිට පරිවර්තනය වී ඇති නිසා. ඒ නිසා ඉල්ලුමට සරිලන දේ ලියනවාට වඩා හරිද වැරදිද කියා නිවැරදිව හඳුනාගෙන තමන්ගේ පෑන හැසිරවීම වැදගත්. මේ කාරණය හරියට ඉටුකරන්න නම් මාධ්‍යකරුවා සතුව ශික්ෂණයක් තිබිය යුතුයැ”යි පැවසීය.


    මේ සම්මන්ත්‍රණයේ දී රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, රත්නපුර දිස්ත‍්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ වසන්තප‍්‍රිය රාමනායක, විශේෂ මාධ්‍ය ඒකකයේ උපදේශක අධ්‍යක්ෂ හරින්ද්‍රනාත් චන්ද්‍රසිරි යන මහත්වරු ද පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇමතූහ. මෙම අවස්ථාවට රත්නපුර දිස්ත‍්‍රික් මාධ්‍යවේදීන් 150කට අධික පිරිසක් සහභාගි වූහ.

     

    KO_RU

    ratnapura media conferance b

     

    ratnapura media conferance a

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya