අමාත්‍යවරයා එසේ පැවසුවේ පසුගියදා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ධීවර සංවර්ධන කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව පැවති ජන හමුවකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මෙසේද පැවසීය. උතුරේ ආරම්භ කළ මුහුදු පැළෑටි ව්‍යාපෘතියේ පළවෙනි මුහුදු පැළෑටි කන්ටේනර් එක පසුගියදා පිටරටට අපනයනය කළා. එමඟින් විශාල ආදායමක් උපයන්න පුළුවන්. ජපානයේ එය ඉතා ජනප්‍රිය ආහාරයක්. ඒ වගේ ම ඇඟටත් ඉතා ගුණයි. අද එයින් උතුරේ ජනතාව විශාල ආදායමක් උපයනවා. ඒ ව්‍යාපෘතිය ඉවර වෙනකොට 20,000කට පමණ රැකියා ලැබෙනවා.
මෙය ස්වයංරැකියාවක් විදියට මුහුදු තීරයේ හදන්න පුළුවන්. තව ජපන් සමාගමක් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තියෙනවා. ඒ වගේ ම අපේ රටේ මුහුදු බෙල්ලෝ කර්මාන්තයක් තිබුණේ නැහැ. පළමුවෙන් ම කින්නියාවල මුහුදු බෙල්ලෝ ව්‍යාපෘතිය ආරම්භ කළේ. ඊට පසු පැමිණි ගංවතුර නිසා එය විනාශ වෙලා ගියා. එය නැවත මන්නාරමට ගෙනිච්චා. මන්නාරමේ යුද්ධයෙන් පීඩාවට පත් ඒ මිනිසුන් එක්ක මෙය ආරම්භ කළා. පළවෙනි වරට මුහුදු බෙල්ලන් තරු පහේ හෝටල්වලට යැව්වා. ගිය වසරේ මුහුදු බෙල්ලෝ මෙට්රික් ටොන් 4 1/2ක් අපනයනය කළා. මේ වන විට අපනයන ආදායම වැඩි කරගන්න ව්‍යාපෘති ආරම්භ කළා.
යුරෝපයේ ජනප්‍රිය මාළු වර්ගය මෝරු මාළුයි. අපි මෝරු මාළු ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කළා. කල්පිටියේ අක්කර 200ක පොකුණු ව්‍යාපෘතිය ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ස්කොට්ලන්ත සමාගමක් එක්ක අපි ත්‍රිකුණාමල මුහුදේ ද මෙම ව්‍යාපෘතිය ආරම්භ කළා . මේ සඳහා විශාල මුදලක් වැය කර තියෙනවා. ඒ වගේම මෙච්චර කල් කළේ මුහුදු කුඩැල්ලෝ අල්ලන එක විතරයි. එම ව්‍යාපෘතිය මන්නාරමේ ආරම්භ කළා වියට්නාමයත් එක්ක ඔවුන්ගේ ආධාර උපකාර ලබාගෙන. අපේ රටේ පොකිරිස්සෝ ප්‍රමාණයෙන් හරි කුඩයි. ඒ නිසා පොකිරිස්සෝ තර කිරීමේ ව්‍යාපෘතියක් හදලා තියෙනවා. එයත් දැන් අවසාන වී ගෙන යනවා.
මේ ආකාරයට විශාල ව්‍යාපෘති ගණනාවක් පසුගිය කාලයේ විශේෂයෙන්ම උතුරේ හා නැගෙනහිර පළාතේ ආරම්භ කළා. නැගෙනහිර වාකරේ පළවෙනි මත්ස්‍ය අභිජනනාගාරය ආරම්භ කළා. එම අභිජනනාගාරයේ ඉස්සෝ පැටව්, මත්ස්‍ය කීටයන් හදන්න ආරම්භ කළා. ඒ වගේම අක්කර 200ක ජලජීවී ගොවිපොළක් ආරම්භ කළා. එයට මිලියන 90ක් වියදම් කළා. එයින් විශාල ආදායමක් ලැබෙනවා. අම්පාර ප්‍රදේශයේත් මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් ආරම්භ කර තියෙනවා. මේ දේවල් ලබා දුන්නේ යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට ජාතියක්, ආගමක් නොබලා තමන්ගේ ආදායම දියුණු කර ඒ ජනතාවගේ ජීවිකාව කරගෙන යාමටයි.
මේ සැරේ කිලිනොච්චියේ, ඉරණමඩු ජලාශයේ මාළු අභිජනනාගාරයක් හදනවා. එහි මාළු පැටව් එකවරට මිලියන 50ක් හදන්න පුළුවන්. ඒ සඳහා රුපියල් මිලියන 400ක් වියදම් කරනවා. 1980 ගණන්වල නැගෙනහිර පළාතෙන් අපේ ජාතික අස්වැන්නට 15.5% ලබා දුන්නා. යුද්ධ කාලයේ මෙය 7% දක්වා කඩාගෙන වැටුණා. නමුත් ගිය වසර වෙනකොට 23%ක් සැපයුවා. 1980 වසරේ දී උතුරු පළාතේ මත්ස්‍ය අස්වැන්න 43%ක් වුණා. උතුර තමයි ධීවර කර්මාන්තයේ මූලික ස්ථානය. උතුරේ ධීවර කර්මාන්තය ගෙවී ගිය කාලය තුළ විශාල දියුණුවක් ලබා තියෙනවා. දැනට තියෙන එකම බාධකය ඉන්දියානු ධීවරයන්ගේ පැමිණීමයි. ඉන්දියානු ධීවරයන් පැමිණ අපේ මත්ස්‍ය අස්වැන්න කොල්ලකාගෙන යනවා. මේ වන විට උතුරේ මත්ස්‍ය සැකසුම් කර්මාන්තශාලා 03ක් ආරම්භ කළා. ඒවායින් කකුළුවෝ පිටරට යවනවා. ඒ කර්මාන්ත ශාලා යාපනයේ, කිලිනොච්චියේ හා මන්නාරමේ පිහිටුවලා තියෙනවා. එහි සේවක සේවිකාවන් 900ක් පමණ වැඩ කරනවා. මේ මඟින් ධීවර කර්මාන්තය විවිධාංගීකරණය කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාවට නැගෙනහිර පළාත් සභාවේ සභාපතිනී ආරියවති ගලප්පත්ති, ලංකා ධීවර වරාය සංස්ථාවේ සභාපති උපාලි ලියනගේ, කළමනාකාර අධ්‍යක්ෂ නීල් මුණසිංහ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න මුදලිගේ යන මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.
NDH