මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් වැඩිවෙලා

    අගෝස්තු 02, 2014
    පහුගිය වසර තුළ ලංකාවේ ඒක පුද්ගල ආදායම තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති නිසා අලුතින් ප‍්‍රසාරණය වූ මධ්‍යම පන්තියක් ඉන්නා බව බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
     
    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි. 
     
    බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ලද මෙම ප‍්‍රදර්ශනය අද (02) සහ හෙට (03) දෙදින පුරාත් ජාතික කලා භවනේ දී උදෑසන 9.00 සිට රාත‍්‍රී 7.00 දක්වා පැවැත්වේ.
     
    "අපි අපේ කර්මාන්ත දෙපාර්තමේන්තුව හරහා හස්ත කර්මාන්ත ක්ෂේත‍්‍රයේ කුසලතා වර්ධනය කරනවා. තාක්ෂණික දැනුමත් පුහුණුවත් ලබා දෙනවා. උපකරණ නොමිලයේ ලබා දෙනවා. වෙළෙඳපොළ සොයා දෙනවා. ඒ වගේම දක්ෂතා අගය කරමින් තෑගි, සහතිකපත් ලබා දෙනවා. මේ සියල්ල කරන්නේ මේ ක්ෂේත‍්‍රය රැකගත යුතුයි කියලා අපි අදහස් කරන නිසා. ඒ පිළිබඳ ජනාධිපතිතුමාගේත් දැඩි උවමනාවක් තිබෙන නිසා". 
     
    රට ඇතුලේ වෙළෙඳපොළක් බිහිවෙලා තිබෙනවා. ඒ වගේමයි කොටි ත‍්‍රස්තවාදයේ පරාජයත් සමග 2008 වර්ෂයට සාපේක්ෂව අද අපේ රටේ සංචාරකයන්ගේ පැමිණීම පස් ගුණයකින් වැඩි වෙලා තිබෙනවා. ඒ නිසා තවත් වෙළෙඳපොළක් බිහිවෙලා තිබෙනවා. මේ වෙළෙඳපොළ උකහාගෙන මේ වෙළෙඳපොළට අවශ්‍ය දේ දෙන්න අපි කටයුතු කරන්න  ඕනේ. 
     
    "ලාභ දේ වෙනුවට සියුම් දේ කළොත් අද ජාත්‍යන්තරයේ හොඳ වෙළෙඳපොළක් තිබෙනවා. අපේ සංයමය පරයන ජාතියක් තවත් නෑ. අපි මේක අපේ වාසිය බවට පත්කරගන්න  ඕනේ. ඔබේ නිර්මාණයට නවීකරණය කියලා කෘත‍්‍රිම දේවල් එකතු කරන්න එපා. මුළු ලෝකයම පරිසර හිතකාමී රැල්ලක ගමන් කරන කොට අපි කෘත‍්‍රිම දේවල් එකතු කරලා අපේ නිර්මාණවල වටිනාකම විනාශ කර ගන්නවා. අද ලෝකය අපෙන් ඉල්ලන්නේ පරිසර හිතකාමී මහ පොළොවේ සොබා දහම ආශ‍්‍රයෙන් ලබාගත් දෙයින් කරන නිර්මාණ".  
     
    අපිට සංචාරකයන්ට පමණක් ප‍්‍රසාරණය වන දේශීය වෙළෙඳපොළක් නො ව අපනයනය ඉලක්ක කරගෙන අපේ හස්ත කර්මාන්තය දියණු කරන්න අවශ්‍ය ව ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya