මැයි 11, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ‍්‍රී ලංකාව හා පෝලන්තය අතර නව ගුවන් සේවා එකඟතාවක්

    අගෝස්තු 02, 2014

    සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් රවින්ද්‍ර රුබේරු මහතා සහ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නියෝජිතයෝ පිරිසක් ශ‍්‍රී ලංකාව හා පෝලන්තය අතර නව ගුවන් සේවා එකඟතාවන් ඇතිකරගැනීමේ අරමුණින් පසුගියදා පෝලන්ත සංචාරයක නිරත වූහ.



    මෙම පිරිස පෝලන්ත ගුවන් සේවා උප සභිපතිනි Isabelle Szymajda-Wojtidchowska මහත්මිය ඇතුළු එරට අනෙකුත් සිවිල් ගුවන් සේවා ජ්‍යේෂ්ඨ නිලධාරින් සහ පෝලන්ත විදේශ කටයුතු අමාත්‍යංශය සමඟ සාකච්ඡා සිදුකර ඇත. දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනය කරගැනීම හා නව ගුවන් සේවා එකඟතාවකට එළැඹීම මෙම සාකච්ඡාවල අපේක්ෂාවන් වී තිබේ.

    දෙරට අතර ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ ප්‍රවර්ධනය සදහා මෙහිදී අවබෝධතා ගිවිසුමකටද එළඹ තිබේ. මෙම සාකච්ඡාවල ප්‍රතිඵල සංචාරක සහ වෙළෙඳ ක්ෂේත‍්‍ර සංවර්ධනයට පමණක් නො ව දෙරට අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් වර්ධනයටද පහසුකම් සැලසේ.

     

    SDF

    SL  Poland Air Services Agreement 01SL  Poland Air Services Agreement 02

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya