මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය අද සිට

    අගෝස්තු 01, 2014
    බස්නාහිර පළාත් හස්ත කර්මාන්ත ප‍්‍රදර්ශනය අද (01) පෙරවරු 11.00ට ජාතික කලාභවනේ දී බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලවි මව්ලානා මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.
     
    අද ආරම්භ කෙරෙන ප්‍රදර්ශනය අද පස්වරු 7.00තෙක් විවෘත ව පවතී. හෙට (02) සහ අනිද්දා (03) දිනවලදී පෙරවරු 9.00 සිට පස්වරු 7.00තෙක් මහජනතාව සඳහා විවෘත ව පවතී.
     
    බස්නාහිර පළාත් කර්මාන්ත අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ මඟපෙන්වීම යටතේ බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි.  
     
    හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නව නිර්මාණ එළිදැක්වීම කර්මාන්තකරුවන්ට වෙළෙඳපොළ අවස්ථා උදාකරදීම මෙන්ම සාම්ප‍්‍රදායික කර්මාන්ත සමාජය තුළ සුරක්ෂිත කිරීම ද මෙම ප‍්‍රදර්ශනයේ අරමුණ වී ඇත.
     
    මෙම ප‍්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන මෙන් සංවිධායක මණ්ඩලය ඔබ සැමට ආරාධනා කර සිටියි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya