අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වනාතවිල්ලුවට පෝෂණ ප්‍රවර්ධන සහ පරිසර ආකර්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්.

    මාර්තු 21, 2019

    'රට වෙනුවෙන් එකට සිටිමු' ජාතික වැඩසටහන යටතේ වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මූලික කරගනිමින් පෝෂණය හා පරිසරය සම්බන්ධව පාසල් දරුවන් දැනුවත් කිරීම අද (21) පැවැත්විණි.

    ජනාධිපති කාර්යාලය යටතේ තිබෙන කුඩා පරිමණ කෘෂි ව්‍යාපෘති සහභාගීත්ව වැඩසටහන මගින් මෙය පුත්තලම දිස්ත්‍රික්කයේ පාසල් දෙකක් කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරුණි. ඉන් එක් වැඩසටහනක් පසුගිය (19) වනදා කිරිමැටියාන ධර්මාරාම මහා විද්‍යාලයේදී පැවැත් වූ අතර අනෙක් වැඩසටහන අද (21) වනාතවිල්ලුව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලය මූලික කරගනිමින් වනාතවිල්ලුව ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

    මෙම වැඩසටහන ආරම්භයේදීම පාසල් දරුවන් සදහා දේශීය සහල්වන පච්චවාඩු හා කළුහීනටි සහල් නිෂ්පාදනයෙන් සකස් කළ කැද වීදුරුවක් ලබා දුන් අතර දිවා ආහාරය සදහා සුවදැල් හා මුං මිශ්‍රිත කිරිබතක් ලබා දීමට කටයුතු කරන බව කුඩා පරිමාණ සහභාගීත්ව වැඩසටහනේ උපදේශිකා සමන්ති බණ්ඩාර මහත්මිය පැවසුවාය.

    විශේෂයෙන් ජාතික වශයෙන් රටේ පෝෂණ තත්ත්වය සුරක්ෂිත කරමින්, පරිසර හිතකාමී අනාගත පරපුරක් බිහි කිරීම මෙහි අරමුණ බවද කුඩා පරිමාණ සහභාගීත්ව වැඩසටහනේ වැඩසටහන් නිලධාරී අමිල ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.

    පාසල් දරුවන් දැනුවත් කිරීමේ මෙම වැඩසටහන සදහා සම්පත් දායකයින් ලෙස පුත්තලම දිස්ත්‍රික් ආහාර තාක්ෂණ පුහුණු කිරීමේ නිලධාරිනී රාණි දසනායක මහත්මිය හා අනුරාධපුර ප්‍රජා සෞඛ්‍ය නිලධාරී චූලසිංහ සමරනායක මහතා දේශන පැවැත්වූහ.

    මෙම අවස්ථාව සදහා පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ (පෝෂණ) එම්.එම්.ඩී.පී.පාලිස් මහතා, පුත්තලම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නියෝජනය කරමින් සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කේ.එම්.කාන්තිලතා මහත්මිය, වනාතවිල්ලුව බණ්ඩාරනායක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති එස්.එල්.ප්‍රියන්ත මහතා සමග ආචාර්ය මණ්ඩලයේ කිහිපදෙනක් ද, පුත්තලම පරිපාලන පවුල් සෞඛ්‍ය නිලධාරී නිල්මිණි ප්‍රියංකා මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී වූහ.

     

    gggha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya