මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රට වෙනුවෙන් එකට සිටිමු” - නවගත්තේගම නගරය දුම්වැටි අලවියෙන් ඉවත්වන ලෙස පාසල් දරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි

    මාර්තු 20, 2019

    “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහන යටතේ නවගත්තේගම නගරය දුම්වැටි අලවියෙන් ඉවත්වන ලෙස පාසල් දරුවන් ව්‍යාපාරිකයන්ගෙන් ඉල්ලයි


    පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කරන “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන යටතේ නවගත්තේගම පොලීසිය විසින් ප්‍රදේශයේ සිසු දරුවන්ගේ සහභාගීත්වය සහිතව නවගත්තේගම නගරය දුම්වැටි අලෙවියෙන් හා භාවිතයෙන් තොර නගරයක් බවට පත්කිරීම සඳහා වෙළෙඳ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහනක් ඊයේ (19) දින නවගත්තේගම නගරයේ දී පැවැත්වුණි.

    මෙහිදී ප්‍රදේශයේ සිසු දරුවන් පොලිස් ස්ථානයේ සිට නගරය පුරා පා ගමනින් දුම්වැටි විරෝධී පෝස්ටර ප්‍රදර්ශනය කරමින්, දුම්වැටි විරෝධී අත්පත්‍රිකා බෙදාහරිමින් ජනතාව දැනුවත් කළ අතර පාසල් සිසුන් නගරයේ සෑම වෙළෙඳ ස්ථානයකටම ගමන් කරමින් දුම්වැටි අලෙවි නොකරන ලෙස ව්‍යාපාරික ප්‍රජාව‍ගෙන් ඉල්ලා සිටියහ. පාසල් දරුවන්ගේ ඉල්ලීමට වෙළෙඳ සංගමයෙන් යහපත් ප්‍රතිචාර ලැබුණු අතර වෙළෙඳසැල් හිමියන් විසින් ඉදිරි කාලයේදී දුම්වැටි අලෙවියෙන් වළකිනු ඇතැයි නවගත්තේගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නවීන් ඉන්ද්‍රජිත් දයානන්ද මහතා පැවසීය.

    ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් පරිදි දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16ක් ඉලක්ක කරගෙන පුරා සතියක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහනට සමගාමීව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ උපදෙස් පරිදි මත්ද්‍රව්‍ය වැටලීම්, මත්ද්‍රව්‍ය නිවාරණ දැනුවත් කිරීම් හා පාසල් සිසු සම්මන්ත්‍රණ, දේශන ඇතුලත් වැඩසටහන් රැසක් ක්‍රියාවට නඟා ඇත.

    දිස්ත්‍රික් මාධ්‍ය මධ්‍යස්ථානය
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව

     

    ggg

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya