අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල කඩා වැටීම වළක්වා රුපියල ශක්තිමත් කිරීමේ නිශ්චිත වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා

    නොවැම්බර් 25, 2018

    ඩොලරයට සාපේක්ෂව රුපියල කඩා වැටීම වැළැක්වීම සඳහා රුපියල ශක්තිමත් කිරීමට නිශ්චිත වැඩපිළිවෙලක් සහ ඉලක්ක ගත වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව ජාත්‍යන්තර වෙළඳ සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  බන්දුල ගුණවර්ධන මහතා අද (25) අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;
    රජයක වගකීම තමයි රටක මුදලේ අගය ආරක්ෂ කිරීම.මුදලේ බාහිර අගය හා අභ්‍යන්තර අගය කඩාවැටීමට ඉඩ නොතැබිය යුතුයි. ආර්ථිකය ස්ථායි ලෙස පවත්වාගෙන යාම රජයක මූලික වගකීමයි.මූල්‍ය ඒකක කඩා වැටුණුත්  එය රටේ සමස්ත ජනතාවගේ ජීවිතවලට බලපානවා. ඒ නිසා රාජ්‍ය මූල්‍ය විග්‍රහයන් හී දී රජයේ කාර්යභාරය ප්‍රමුඛ  කාර්යභාරයක් ලෙස සැළකෙන්නේ මුදලේ, අගය ආරක්ෂා කිරීම,ආර්ථිකයේ ස්ථායීකරණය ඇති කිරීමයි.

    එම කාර්යය ඉතාම නිවැරැදි ලෙස යුද්ධය නිම කිරීමෙන් පසු වඩා ඵලදායීවත් කාර්යක්ෂමවත් ඉටු කළ රාජ්‍ය නායකයා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මූදල් අමාත්‍යවරයායි.මහින්ද රජපක්ෂ පාලනයේ අවසන් වර්ෂ තුනේ දී 2012 දී ඩොලරය 127යි, 2013 දී 130යි,2014 දී 131යි. දසකයක් තුළ ඩොලරයට වැඩිපුර ගෙව්වේ රුපියල් 26යි.මහින්ද රාජපක්ෂ පාලන යුගය ඉතා නිවැරැදි ලෙස රටේ මුදලේ අගය ආරක්ෂා කළා. එය මුළු ලෝකයට ම ඔප්පු වූ සත්‍යයක්.

    මේ විනාශය ආරම්භ කළේ කවුද?.මහා ආර්ථික විනාශය වසර 2015 දී ආරම්භ කළා. දින සියයේ වැඩසටහන තුළ මහ දවල් මහබැංකුවේ මහා මුදල් මංකොල්ලය ඇති වුණා.දින 100 ඇති වූ විප්ලවීය මූල්‍ය ක්‍රමයේ වෙනස තමයි, ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් නොවන තැනැත්තෙකුට මහ බැංකුවේ අධිපති ලෙස පත් කිරීම. රටක සමස්ත මුදල් ක්‍රමය,බැංකු ක්‍රමය,ණය ක්‍රමය පාලනය කිරීම සඳහා තිබෙන ස්වාධීන මූල්‍ය අධිකාරිය මූල්‍ය ක්ෂේත්‍රයේ රන්දෙවොල මහ දවල් බින්ඳා.එදා සිට සමස්ත රටේ මූල්‍ය ක්‍රමය, බැංකු ක්‍රමය කඩාවැටීම ආරම්භ වුණා. රටක සමස්ත මුදල් ක්‍රමය,බැංකු ක්‍රමය,ණය ක්‍රමය පාලනය කිරීම සඳහා තිබෙන ස්වාධීන මූල්‍ය අධිකාරිය මූල්‍ය ක්ෂේත්‍රයේ රන්දෙවොල මහ දවල් බින්ඳා.එදා සිට සමස්ත රටේ මූල්‍ය ක්‍රමය, බැංකු ක්‍රමය කඩාවැටීම ආරම්භ වුණා.

    ආයෝජකයෝ ඉන් පස්සේ සුරැකුම්පත්වල මුදල් ආපසු ගන්න පටන් ගත්තා. 2015 වන විට ගෙවුම් ශේෂයේ හිඟය පුළුල් වුණා. මුදල ස්ථාවර කරගෙන තිබූ රට, විදේශ වත්කම් වැඩිකරතිබූ රට එක වර්ෂයක් තුළ සම්පූර්ණයෙන් විනාශ කළා.

    මේක මහින්ද රාජපක්ෂ මහතා අගමැති වීම නිසා ඇති වූ තත්ත්වයක් නොවේ.මහින්ද රාජපක්ෂ මතිතුමා ආර්ථිකය බාර ගන්න විට ආර්ථික අංශ රුපියල මස්ත බාල්දු වෙලා තිබෙන අවස්ථාවක අර්බුදයකට කර දී තිබෙන්නේ. ආර්ථිකය බේරාගැනීමේ වගකීම තමයි බාර දී තිබෙන්නේ. මේ විද්යට ගියොත් ඩොලරය රුපියල් 200ට යන බව කිව්වේ අපි.ඒකට හිනා වුණා. ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටිලා,තිබෙන එකෙන් බේරා ගන්න තිබෙන්නේ එක විකල්පයයි.අලුත් දේශපාලන,ආර්ථික ,සමාජ වැඩපිළිවෙලක් සහිත මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ප්‍රමුඛ අලුත් ආණ්ඩුවක් බලයට ගෙන ඒමෙන් පමණයි එය කළ හැක්කේ.අලුත් විශ්වාසයක් එලෙස ඇති කරන්න පුළුවන්.ඩොලරයේ ගය වෙන්ස් වෙන්නේ දේශපාලඝ්නයින් කරන කතාවලින් නොවෙයි. රට ඇතුළට එන විදේශ විනිමය වැඩි කළ යුතුයි.රටෙන් පිටතට යන විදේශ විනිමය අඩු කරන්න ඕන.එය සුමාන දෙකෙන් කරන්න පුළුවන් දෙයක් නොවේ. එයට අපි පැහැදිළි වැඩපිළිවෙලක් සකස් කර තිබෙනවා. පලමු අයවැය ලේකනයෙන් පසු පලමු වර්ෂය තුළ දී ඩොලරයේ අගය පහට ගෙන ඒමටත් දෙවැනි වර්ෂයේ දී 140 දක්වා පහට ගෙන ඒමටත් ඉලක්ක කරගත් ආයෝජන ප්‍රවර්ධන,අපනයන ප්‍රවර්ධන,ආනයන ආදේශන කර්මාන්ත ඇති කරන ජාතික වැඩසටහනක් සකස් කර තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya