මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මඩකළපුවේ ඉඩම් ඔප්පු ලබා දීමේ ජංගම සේවාවක්

    ජූලි 21, 2014

    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් මඩකළපු දිස්ත්‍රික්කයේ මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කළුදාවලයි ග්‍රාමයේ ඉඩම් ඔප්පු ලබා දීමේ ජංගම සේවාවක් පවත්වන ලදී. මෙම ජංගම සේවාවෙන් 200කට වැඩි පවුල් සංඛ්‍යාවක් ප්‍රතිලාභ ලබාගෙන ඇත.



    ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම විසින් කළුදාවලයි ග්‍රාමයේ ජනතාවට කෝවින්දන් වත්තෙහි අක්කර 64ක ඉඩම් ඔප්පු මෙහිදී ලබා දෙන ලදී. මෙම ජංගම සේවාව පසුගිය ජූලි 18 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ උසස් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

    මෙම ජංගම සේවාව යාපනය සහ මඩකළපු දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අධ්‍යක්ෂක එන්. විමලරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍ය විනායගමූර්ති මුරලිදරන්, නැවත පදිංචි කිරීමේ නියෝජ්‍ය අමාත්‍යතුමන්ගේ ලේකම් පොන් රවීන්ද්‍රන්, මන්මුනෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් ගෝබාලරත්නම් යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

    පුද්ගල නාම සමඟ සියලු තොරතුරු ලබා දෙන පුද්ගලයන්ට එවෙලේම ඉඩම් ඔප්පු ලබා දීම මෙහිදී සිදු වූ බව මීට එක් වූ එන්. විමලරාජ් මහතා පවසා සිටියේය.

     

    SDF

    LRC 3LRC 4LRC 6

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya