මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යටියන්තොට වී ඔය හරහා ඇති කම්බි පාලම ප්‍රතිසංස්කරණය අරඹයි

    ජූලි 21, 2014

    "පාට පක්ෂ භේදයකින් තොරව සියලු ජනතාවට සේවය කිරීම වර්තමාන රජයේ ප්‍රතිපත්තිය බව" කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය වයි.ජී පද්මසිරි මහතා පවසයි.


    ඒ මහතා මේ බව ප්‍රකාශය කළේ, පසුගිය දා යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දොඹේපොළ, දෙනවකවත්ත, පීල්ලහේන ගම්මාන සඳහා වී ඔය හරහා ඇති කම්බි පාලම රුපියල් ලක්ෂ 16ක වියදමින් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩ ආරම්භ කිරීම නිමිත්තෙන් පැවැති උත්සවයට සහභාගි වෙමිනි.

    තවදුරටත් අදහස් දැක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ "රටෙහි ජනතාවගේ සියලු යටිතල පහසුකම් නංවාලීම රජයේ අරමුණයි. ඒ යටතේ මංමාවත්, විදුලිය, ජලය පහසුකම් ජනතාවට ලබා දෙමින් පවතී. මෙහිදී දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ ජීවන මට්ටම ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. වසර තිහක් පැවති යුද්ධය නිමාකර එම මුදල් ද රටෙහි සංවර්ධනයට යෙදවෙයි.

    කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ද කැපීපෙනෙන සංවර්ධනයක් වෙමින් පවතී. පසුගිය රජයන්ගේ කාලයේ පුද්ගලික අංශයට ලබා දුන් කෘෂිකර්ම ගොවිපොළවල් රජය විසින් ගෙන සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇත. අද දේශීය කෘෂි කර්මාන්තයේ නියැළෙන්නන් සඳහා සාධාරණ වෙළඳ පොළක් ඇති කර දීමට කටයුතු කර ඇත. වසවිසෙන් තොර පලතුරු පරිභෝජනය ප්‍රචලිත කිරීමට ද පියවර ගෙන ඇත. මේ ආකාරයේ කිසිම රජයක් නොකළ සංවර්ධයක් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ යුගය තුළ සිදු කිරීම තුළින් මෙරට ජනතාව එතුමාගේ රජය සමඟ සැමදා සිටින බව" ද නියෝජ්‍ය  අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට සබරගමුව පළාත් සභා මන්ත්‍රී වත්සලා ජනාදරී, යටියන්තොට ප්‍රාදේශීය ලේකම් චන්දිමා සිගේරා යන මහත්මීහු ද ප්‍රදේශවාසීහු විශාල පිරිසක් ද සහභාගි වී සිටියහ.

     

    ECB/LT_dmu_Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya