මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමට සරුංගල් උත්සවයක් මඩකළපුවේදී

    ජූලි 21, 2014

    ජාතීන් අතර එකමුතුව වර්ධනය කිරීමේ අරමුණින් සමාජ ඒකාබද්ධතා සතියට සමගාමීව මඩකළපුවේ කල්එළි මුහුදු තීරයේදී සරුංගල් උත්සවයක් පසුගියදා පැවැත්විණි.


    මෙම අවස්ථාවට එක් වූ ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් මල්කාන්ති ඒකනායක මහත්මිය පැවසුවේ, මෙම අවස්ථාව ජාතීන් අතර එකමුතුකම හා මිත්‍රත්වය ඇති කිරීම සඳහා හොඳ අවස්ථාවක් වන බවයි. සරුංගල් යැවීම අපගේ පාරම්පරික විනෝදාත්මක ක්‍රීඩාවක් වන බවත්, එමගින් එකමුතුකම හා සහෝදරත්වය වර්ධනය කරන බවත් සරුංගල් යවන විට හිතට හරිම සැහැල්ලුවක් මෙන්ම සතුට දනවන ක්‍රියාවක් ද වන බව ඇය තවදුරටත් පෙන්වා දුන්නාය.

    සමාජ ඒකාබද්ධතාව තුළින් සමාජයෙන් ඈත්ව ඇති පිරිස් නැවත සමාජගත කිරීමක් ද එකිනෙකාට ගෞරව කිරීමක්, ඉදිරියට ඒමක් වැනි නොයෙක් අංග විදහා දැක්වෙන බවද මෙවැනි සරුංගල් ඇරීමේ උත්සවයක් පැවැත්වීම තුළින් ඒ සඳහා කදිම මග පෙන්වීමක් සිදුවන බවද අතිරේක දිස්ත්‍රික් ලේකම්වරිය වැඩිදුරටත් පැවසීය. මෙම අවස්ථාව ලබා ගැනීමට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ මග පෙන්වීම වඩාත් වැදගත් වූ බවද අතිරේක ලේකම්වරිය වැඩිදුරටත් පැවසුවාය.

    මෙම අවස්ථාව සඳහා මඩකළපුව අතිරේක දිස්ත්‍රික් ලේකම් එස්. ගිරිදරන් මහතා ඇතුළු ප්‍රදේශීය ලේකම්වරු, රාජ්‍ය නිලධාරීන්, එම ප්‍රදේශයේ මුස්ලිම් හා දමිළ ජනතාව සහභාගී වූහ.

     

    ECB/LDA_dmu_batti

    betti1

    betti2

    Ministry of national languge-3

    Ministry of national languge-4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya