මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රඹුක්කන ඉෆ්තාර් උළෙලට සර්ව ආගමික නායකයින්

    ජූලි 21, 2014
    රාමසාන් සමය වාර්ගික හා ආගමික සමගිය සඳහා කදිම තෝතැන්නක් කර ගත් රාමසාන් සමයේ දෛනික උපවාසය අවසන් කිරීමේ ඉෆ්තාර් උළෙලක් පසුගිය දා රඹුක්කන, හූරිමළුව, දාරුල් උලුම් මුස්ලිම් පාසැල් පරිශ්‍රයේ දී පැවැත්විණි.
     
    සබරගමු මහ ඇමති මහීපාල හේරත් සහ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් යන මහත්වරුන්ගේ උපදෙස් මත මෙම සැමරුම  හූරිමළුව, දාරුල් උලුම් මුස්ලිම් දේවස්ථානය, එහි පාලක සභාව, පාසැල් සංවර්ධන සමිතියේ ද සහය ඇතිව සංවිධානය කර තිබිණි. 
     
    මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයෙකු වශයෙන් ජාතික සමගිය සඳහා වූ සර්ව ආගමික සංවිධානයේ සභාපති සබරගමු විශ්වවිද්‍යාලයේ කුලපති අග්ගමහා පණ්ඩිත කුඹුරුගමුවේ වජිර නාහිමි සහ ජනාධිපතිතුමාගේ බොදු, කිතුණු, හින්දු සහ ඉස්ලාම් උපදේශකයින් වන පූජ්‍ය ගලගම ධම්මරංසි හිමි, සරත් හෙට්ටිආරච්චි පියනම, බාබුෂර්මා කුරුක්කල්තුමා, ආචාර්ය අල්හාජ් මව්ලානා මව්ලවිතුමා ඇතුළු පූජකවරුන් රැසක් සමගින් සබරගමු මහ ඇමති මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී කනක හේරත් මහත්වරු ද සහභාගී වූහ. 
     
    DB
     
    Sequence 01 2
     
    Sequence 01 4
     
    Sequence 01 6
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya