මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉංජිනේරු සංස්ථාවේ 151 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්

    ජූලි 21, 2014
    ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවක මහත්ම, මහත්මීන් 151 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම්, තනතුරු නාම ලබාදීම සහ සේවක උසස්වීම් ප්‍රදානය කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරු 9.30 ට ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ශ්‍රවණාගාරයේ දී සිදු කෙරේ. 
     
    “ මහින්ද චින්තන ඉදිරි දැක්ම ” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ. මේ යටතේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවයේ නියුතු ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයන් ඇතුළු සේවක මහත්ම මහත්මීන් 78 දෙනෙකු සඳහා මෙදින ස්ථිර පත්වීම් ප්‍රදානය කෙරේ. මීට අමතරව තනතුරු නාම 65ක් සහ ඉංජිනේරු උසස්වීම් 08ක් ද  ප්‍රදානය කිරීමට නියමිතය. එමෙන්ම දීර්ඝ කාලයකට පසු මුළුමනින්ම නවීකරණය කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථා ගොඩනැගිල්ල සහ එහි ශ්‍රවණාගාරය විවෘත කිරීම ද මෙදින සිදුකෙරේ.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, එහි ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සභාපති ජගත් කුමාර පෙරේරා මහත්වරුන්, නිලධාරින් සහ පත්විම්ලාභීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය.  
     
    DB   

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya