මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාතෙන් සරසවි වරම් ලැබූ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

    ජූලි 21, 2014
    2011/ 2012 අධ්‍යයන වර්ෂය සදහා මධ්‍යම පළාතෙන් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලැබූ සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් හා ණය දෙන සමිතියේ සාමාජිකයන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවය ලබන 25 වැනි දින පෙ.ව. 9.00ට පොල්ගොල්ල ජාතික සමූපකාර සංවර්ධන ආයතනයේදී පැවැත්වේ.


    මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම උත්සවයේදී  මධ්‍යම පළාතෙන් විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ දරුවන් 195 දෙනෙකුට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමට නියමිතය.

     

    සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය 1930 වසරේ පිහිටුවන ලද්දකි. අධ්‍යාපන සේවයේ නියුක්තව සිටින පුද්ගලයන්ගේ සුබසාධනය ඇතුළු තවත් අවශ්‍යතා මුල් කරගෙන පිහිටුවා ඇති මෙම සමිති‍ය විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබන දරු දැරියන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ආරම්භ කොට ඇත්තේ 1984 වසරේදීය. එදා මෙදා කාලය තුළ විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලැබූ දරු දැරියන් 19,000කට ආසන්න පිරිසකට  ශිෂ්‍යත්ව ප්‍රදානය කොට තිබේ.

     

    සීමාසහිත අධ්‍යාපන සේවා නියුක්තිකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතිය මඟින් සංවිධානය කරන මෙම උත්සවයේ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ලබන්නේ මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසිනි.

     

    NDH/TA-dmu kandy

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya