මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආබාධිත රණවිරුවන්ට ලැබි යුතු රැකවරණය සහ සහයෝගය ලබා දෙනවා - ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝ

    මැයි 09, 2024

    ආබාධිත රණවිරුවන්ට ලැබි යුතු රැකවරණය සහ සහයෝගය නිසි ලෙස ලබා දෙන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවසීය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ ආබාධිත රණවිරුවන්ට කෘත්‍රිම අත් පා ප්‍රදානය කිරීම සඳහා පසුගියදා රාගම රණවිරු සෙවණේදී පැවති උත්සවයකට එක්වෙමිණි.

    ආරක්‍ෂක අමාත්‍යාංශය සහ කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අතර සහයෝගීතාවයෙන් ආබාධිත රණවිරුවන් වෙත කෘත්‍රිම පාද 650ක් බෙදාදීමේ උත්සවය රාජ්‍ය අමාත්‍යවරයා විසින් සංකේතාත්මකව රණවිරුවන් කිහිප දෙනෙකු වෙත කෘත්‍රීම පාද ලබාදීමෙන් ආරම්භ විය.

    ශ්‍රී ලංකා යුද ප්‍රවීණයන්ට දක්වන ලද සහයෝගය මෙන්ම නොසැලෙන කැපවීම වෙනුවෙන් ඉන්දීය රජය වෙත හා ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මැතිතුමා වෙත අමාත්‍ය තෙන්නකෝන් මැතිතුමා විසින් සිය ස්තුතිය පුදකර සිටින ලදි.

    මෙම අවස්ථාවට යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ, රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ, යුද හමුදා විධායක ජෙනරල් මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, ඉන්දීය ආරක්‍ෂක උපදේශක කපිතාන් එම්. ආනන්ද් හා මෙම කෘතීම පාද හා උපාංග ලබාදීමට අනුග්‍රාහකත්වය ලබාදෙන ජායිපුර් මහාවීර් විකලාංග ආයතනයේ නියෝජිතයින් පිරිසක්ද සහභාගි වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya