මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුව අද රැස් වෙයි

    මැයි 09, 2024

    පාර්ලිමේන්තුව අද(09) ‌ උදෑසන 9.30ට රැස්වෙන අතර පෙ.ව 9.30 සිට ප‍ෙ.ව. 10.30 කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා වෙන් කර ඇත.

    අනතුරුව පෙ.ව. 10.30 සිට ප.ව. 5.00 දක්වා සාප්පු හා කාර්යාලීය සේවකයන් පිළිබඳ (සේවය හා වේතන විධිමත් කිරීමේ) (සංශෝධන) පනත් කෙටුම්පත (දෙවැනිවර කියවීම) විවාදයට පැවැත්වීමට නියමිතව තිබේ.

    ඉන්පසු ප.ව. 5.00 සිට ප.ව. 5.30 දක්වා සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව (විරුද්ධ පාර්ශ්වය) විවාදයට ගැනේ.

    හෙට(10)  දිනය වෙන් කර ඇත්තේ අභාවප්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමටයි. මේ අනුව එදින පෙ.ව. 9.30 සිට ප.ව. 5.30 දක්වා අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන  ගරු යූ. එල්. එම්. ෆාරුක්, ගරු අසෝක ජයවර්ධන සහ ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා යන මහත්වරුන්ට ශෝක යෝජනා ඉදිරිපත් කිරීමට කාලය වෙන්කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya